26.6 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNewsPolitical

මහින්දානන්ද ඇප මත මුදාහරී

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පනවා ඇති නඩුවේ අධි චෝදනා බාරදීම අද(25) කොළඹ මහාධිකරණයේදී සිදුව තිබේ.
අමාත්‍යවරයෙකුව සිටි සමයේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් උපයාගත් ආකාරය අනාවරණය කළ නොහැකි මූදල් යොදවා බොරැල්ල කින්සි පාරේ සුඛෝපබෝගී නිවසක් මිලදී ගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇති බව සඳහන්ය.
රුපියල් මිලියන 27ක මුදලක් ඒ සඳහා වැය කර මුදල් විශුද්ධීකරණ පනත යටතේ වරදක් සිදුකර ඇති බව නීතිපතිවරයා විසින් පැවරූ නඩුවේ අධි චෝදනා මඟින් ප්‍රකාශ කර ඇත.
අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේ කරුණු සලකා බැලූ අතර එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදාහැරීමට විනිසුරුවරයා තීරණය කළේය.
රුපියල් ලක්ෂ දෙකක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 බැගින් වන ශරීර ඇප දෙකක් මත විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා  නියෝග කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

රටවල් 03 කින් සහල් ගෙන්වීමට පියවර

Shiran Viraj

ෆවුසිට වසර දෙකක සිර දඬුවම් නියම කරයි..

Shiran Viraj

බැඳුම්කරය ගැන නිතීමය ක්‍රියාමාර්ග ගන්න කෝප් වාර්තාව ප්‍රමාණවත්

Shiran Viraj
Translate »