25.6 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNews

ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට

හයවන ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට (Pakistan – Sri Lanka Armed Forces Defence Dialogue) සහභාගි වීම සඳහා පාකිස්ථාන ආරක්ෂක ලේකම් ලුතිනන් ජෙනරල් (විශ්‍රාමික) මුහම්මද් අලි මහතා පසුගිය බදාදා (01) දිවයිනට පැමිණියේය.

දෙරට අතර පැවැත්වෙන මෙම ඉහළ පෙළේ ද්විපාර්ශ්වික ආරක්ෂක සංවාදය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ නාවික හමුදා මූලස්ථානයේදී අද (03) ආරම්භ වීමට නියමිතව තිබේ. දැනට ක්‍රියාත්මක ආරක්ෂක සහයෝගිතාවන්හි ප්‍රගතිය සමාලෝචනය කිරීමට මෙන්ම කලාපීය ආරක්ෂාව, මිලිටරි සබඳතා, පුහුණු අවස්ථා සහ දෙරට අතර පවතින දීර්ඝකාලීන ආරක්ෂක හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමට මෙමගින් අවස්ථාව සැලසේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණි පාකිස්ථාන ආරක්ෂක ලේකම්වරයා ඇතුළු දූත පිරිස, ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පරිපාලන) හර්ෂ විතානආරච්චි මහතා, ශ්‍රී ලංකා ගුවන් හා නාවික හමුදා නියෝජිතයන් සහ ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

සිය නිල සංචාරය අතරතුරදී ලුතිනන් ජෙනරල් (විශ්‍රාමික) මුහම්මද් අලි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා යන මහත්වරුන් හමුවී සුහද සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

Related posts

රජයේ ඉඩම් බැංකුවක් පිහිටුවයි.. පුද්ගලික අංශයත් සමග සංවර්ධනය කරයි..

Shiran Viraj

බස් ගාස්තුව රුපියල් දෙකකින් පහත දමයි..

Shiran Viraj

Amarican Voice මධ්‍යස්ථානය ඉක්මනින්ම COVID-19 ප්‍රතිකාර රෝහලක් බවට

Shiran Viraj
Translate »