2026-07-03
mediahumanrights.lk
Local NewsNews

රටවල් 03 කින් සහල් ගෙන්වීමට පියවර

දේශීය වෙළඳපොලේ සහල් සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණින් සහල් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසනවා.
ඉන්දුනීසියාව, පාකිස්තානය සහ තායිලන්තය යන රටවලින් සහල් ආනයනය කිරීමට තීරණය කළ බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.
එම රටවල තානාපතිවරු සමග සහල් මිළ ගණන් පිළිබඳ සාකච්ඡාවක් ඉකුත් දා සිදු කෙරුණා.
ආනයනය කිරීමට නියමිත සහල් විශේෂඥ කණ්ඩායමක් මගින් පරීක්ෂා කර සමූපකාර තොග සංස්ථාව හරහා කඩිනමින් ආනයනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
පළමු අදියර යටතේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් ආනයනය කිරීමට අපේක්ෂා කරන බව ද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා.
(under the courtesy of nethfm news web)

Related posts

ගොඩබාන්න ඩොලර් නෑ.. ඉන්ධන නැවු දෙකක් වරායේ.. ප‍්‍රමාද ගාස්තුත් ඉහලට…

Shiran Viraj

ජනපතිගේ රැකියා ලක්‍ෂයට තරුණ තරුණියන් පොරකති..

Shiran Viraj

පොලිසියේ ගුටි කෙලියක්.. පිරිසක් රෝහලේ…

Shiran Viraj
Translate »