27.2 C
Colombo
2026-08-05
mediahumanrights.lk
Local NewsNews

කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් යුක්තිය සහ සත්‍යය ඉටුකිරීමට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු කතෝලික සභාව ගෙන යන අඛණ්ඩ වැඩපිළිවෙළට තම නොසැලෙන සහයෝගය පළ කරන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය ඊයේ (02) නැවතත් අවධාරණය කළේය.

විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් රදගුරු මණ්ඩලය සඳහන් කරන්නේ, කාදිනල් හිමිපාණන් සහ සභාවේ සෙසු පූජක පක්ෂයට එරෙහිව සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන අසත්‍ය, ද්වේෂසහගත සහ අපහාසාත්මක ප්‍රකාශයන් තමන් තරයේ හෙළා දකින බවයි. මිනිස් ජීවිත සිය ගණනක් බිලිගත් පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ සැබෑ කරුණු විකෘති කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ දරමින් සිටින බව ද එහි දක්වා ඇත.

අගරදගුරු ධුරයේ කාලය දීර්ඝ කරගැනීම සඳහා කාදිනල් හිමිපාණන් පාස්කු ප්‍රහාරය භාවිතා කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන රදගුරු මණ්ඩලය, එම ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම මහජනතාව නොමඟ යවන සුළු, පිළිගත නොහැකි ඒවා බව පෙන්වා දෙයි. එමෙන්ම කතෝලික සභාවේ ක්‍රමවේදයන් සහ පල්ලියේ නීති (Canon Law) වැරදි ලෙස අර්ථකථනය කරමින් සමාජය ව්‍යාකූල කිරීමට ගන්නා උත්සාහයන් ද මෙහිදී විවේචනයට ලක් විය.

නියමිත විශ්‍රාමික වයස් සීමාවට එළඹීමත් සමඟ කාදිනල් හිමිපාණන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ශුද්ධෝත්තම පාප් වහන්සේ (Holy See) වෙත නිසි පරිදි යොමුකර ඇති බවත්, ඒ පිළිබඳ අවසන් තීරණයක් ලැබෙන තෙක් උන්වහන්සේ තමන් සතු එඬේරික වගකීම් සහ රාජකාරීන් අඛණ්ඩව ඉටුකරන බවත් රදගුරු මණ්ඩලය පැහැදිලි කරයි.

කතෝලික සභාවේ පාලනය සහ අධිකාරිය කිසිසේත්ම ලෞකික දේශපාලන ක්‍රමවේදයන් සමඟ සැසඳිය නොහැකි බව පෙන්වා දෙන රදගුරු මණ්ඩලය, සභාවේ බලය ගොඩනැඟී ඇත්තේ සිවිල් පාලනයක් මත නොව දිව්‍යමය මෙහෙවරක් මත පදනම්ව බව ද වැඩිදුරටත් අවධාරණය කර සිටී.

Related posts

අර්ථසාධක අරමුදලට පනවන බදු ඉහළ නංවන්න රජය කටයුතු කරනවා

Shiran Viraj

උත්සව සමයේ මගී පහසුකම් සපයන්න ලංගම සූදානම්

Shiran Viraj

මට වගකීමක් නැහැ.. යුද්ධයට ඝෘජුව අණ දුන්නේ කවුද?" – ජෙනරාල් ජයසූරිය පෙන්වයි

Shiran Viraj
Translate »