29.5 C
Colombo
2026-09-15
mediahumanrights.lk
Local NewsNews

කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක මස්වැන්නේ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පත් කරනු ලැබ සිටිති.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (02) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇත.

මේ සම්බන්ධයෙන් වන නිල පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා විසින් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී උන්වහන්සේ වෙත නිල වශයෙන් බාර දෙනු ලැබීය.

පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය මහා නායක (අනුනායක) ධුරය මෙන්ම අස්ගිරි මහා විහාරීය කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී ධුරය ද හොබවති.

Related posts

සම්බාහනේ Free කරන්නැයි ඉල්ලූ පොලිස් පරීක්ෂකව පොලිසියට භාරදීලා

Shiran Viraj

ජූලි 01 වෙනිදා සිට බස් ගාස්තු ඉහළ යා හැකියි

Shiran Viraj

වදුරෙක් විසින් පැහැර ගෙන ගිය බිළිදාගේ සිරුර ළිදකින් හමුවෙයි

Shiran Viraj
Translate »