mediahumanrights.lk
Local NewsNews

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ආපදා තත්ත්වයක්

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ආපදා තත්ත්වයක් මතුව තිබේ.
ගංඟා පිටාර ගැලීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සුළු ගං වතුර තත්ත්වයක් ද හටගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ ගාල්ල දිස්ත්‍රික්කය ඇතුළු වැසි සහිත කාලගුණය පවතින කඳුකර ප්‍රදේශවල නාය යෑමේ අවදානම තවදුරටත් පවතින බවයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ පවුල් 58කට අයත් පුද්ගලයින් 222කු සිටින බව දිස්ත්‍රික් සහකාර ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ මුදිත මංජුල මහතා පැවසුවේය.
ගාල්ලේ ඇතැම් ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවී අති බව අද දෙරණ ගාල්ල ප්‍රාදේශීය වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් මහතා පවසයි.
කෙසේවෙතත් වැසි සහිත කාලගුණික තත්ත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනූෂා වර්ණසූරිය මහත්මිය පවසයි.
මේ අතර වව්නියාව ප්‍රදේශයේද වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතයට බාධා එල්ල වී ඇති ව අද දෙරණ වව්නියාව ප්‍රාදේශීය වාර්තාකරු මාධව කුලසූරිය මහතා පවසයි.
(under the courtesy of adaderana news web)

Related posts

ඝාතනය වූ සමන් පෙරේරාගේ නිවස පොලිස් පරීක්‍ෂාවට…

Shiran Viraj

අමාත්‍යංශ ලේකම්ලාත් අලුතින් පත් කරයි.. මුදල් ලේකම් නොසොල්වයි..

Shiran Viraj

Facebook භාවිත කිරීම හරහා ළමයින් අපයෝජනයට ලක්වූ සිද්ධි වාර්තා ගත ලෙස ඉහළ යයි

Shiran Viraj
Translate »