30.4 C
Colombo
2026-08-06
mediahumanrights.lk
Local NewsNews

සභාපතිට කොරෝනා.. ඇමති සී.බී. සහ ප‍්‍රභූන් රැසක් සමග ඔහු උත්සවවල..

ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (20) දින ලද පි.සි ආර් පරික්ෂන වාර්ථා අනු තහවුරු වු බව  තලවාකැලේ ලිදුල සෞඛ්‍යය නිලධාරි ජනත් අබේගුණවර්ධන මහතා පැවසිය.

අසාදිත සභාපතිවරයා පදිංචි ආගරපතන ඇල්බියන් කෝන්ෆිල්ඩ් වතු යායේ දි ඉකුත් (16) දින පි.සි.ආර් පර්ක්ෂනයක් සිදු කර සභාපතිවරයා ඇතුළු ඔහුගේ පවුලේ සමාජිකයින් ස්වයන් නිරෝදනයට යොමු කර සිටියදි නිරෝදායන උපදෙස් වලට පටහැනිව ක්‍රියාකරමින්  අසාදිත සභාපතිවරයා  මේ මස 17 සහ 18 යන දෙදින තුල ප්‍රභු වරන් රැසක් සහභාගි වු රැස්විම් කිහිපයකට සහභාගි වි ඇති බවත් ,එම රැස්විම් වලට නුවරඑළිය,තලවාකැලේ ලිදුල ,කොටගල ,ආගරපතන ,නොර්වුඩ්, මස්කෙලිය ,අඹගමුව යන ප්‍රාදේශිය සභා සහ නගර සභා වල සභාපතිවරුන් , නගරාධිපතිවරුන් , නාගරික ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් ගනනාවක් සහභාගි වි ඇති බවටද තොරතුරු අනාවරණය වි ඇති බවද සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා පැවසිය.

අදාල සභාපතිවරයා යලිත් පි.සි.ආර් පරික්ෂනයකට භාජනය කරන බවද සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි වරයා පැවසිය.

තරාතිරම නොබලා නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කල ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට එරෙහිව නුවරඑළීය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ (21) දින කරුණු වාර්ථා කරන බවත් ,අසාදිත සභාපතිවරයාගේ ලගම ආශ්‍රිතයින් ස්වයන් නිරෝධායනයට යොමු කිරිමට කටයුතු කරන බවද තලවාකැලේ ලිදුල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ ජනත් අබේගුණවර්ධන මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

lankacnews

Related posts

ජනාධිපතිවරණයෙන් පසු තනතුරු දැන්ම වෙන් කර ගනිති.. බෙදාගන්න පොරකති…

Shiran Viraj

ලෝකයේ වැඩිපුරම පිටිකිරි බොන රටවල් අතර ලංකාව මුල් පෙලට…

Shiran Viraj

‘පෝට් සිටි‘ තරම් තවත් සුවිසල් ව්‍යාපෘතියක්! කොළඹ කුණු පුත්තලමට ගෙන යන වැඩපිළිවෙල මෙන්න

Shiran Viraj
Translate »