27.8 C
Colombo
2026-08-14
mediahumanrights.lk
Local NewsNews

තනි තීරණ නොගන්නා බව ජනපති කියයි

මේ දිනවල විවේචනයට ලක්ව තිබෙන මහාධිකරණ විනිසුරුවරයාගේ පත්වීම තම පෞද්ගලික අභිමතය මත නොව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ බලවත් ඉල්ලීමකට අනුව ලබාදුන් පත්වීමක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ජාතික නීති සම්මේලනයේ සමාරම්භක අවස්ථාවට කොළඹදී ඊයේ එක්වෙමින්. අධිකරණ ක්‍ෂේත්‍රයේ කටයුතු පිරිසිදුව ඉටුවිය යුතුය යන්න  තම ස්ථාවරය බව ද  ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
මේ අතර කෑගල්ල – නාපේ – ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කෙරුණු 36 රියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයටද ජනාධිපතිවරයා ඊයේ  එක්වුණා.

Related posts

රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම නතර කෙරේ

Shiran Viraj

චීනය බුලට් දුම්රිය අත්හදා බලයි

Shiran Viraj

ජනපති ඔස්ට්‍රේලියා යන්න සැරසෙයි

Shiran Viraj
Translate »