26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
NewsSportsSports News

මැතිව්ස් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට

ශ‍්‍රී ලංකා මැද පෙල පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් නවතම අයි.සී.සී ටෙස්ට්  ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි පිතිකරණ අංශයේ පළමු 20 දෙනා අතරට යළි පැමිණ තිබෙනවා.

ඒ, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දී ඔහු නොදැවී වාර්තා කළ ද්විත්ව ශතකයත් සමගයි.

ඒ අනුව මැතිව්ස් පිතිකරණ අංශයේ ස්ථාන 8කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු
මේ වනවිට පසුවන්නේ 16 වන ස්ථානයේයි. ඇන්ජලෝ මැතිව්ස් මීට පෙර 2014 වසරේ දී කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම්හි 3 වන ස්ථානය ද හිමි කර ගෙන තිබූ අතර, ඔහු ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ලබා ගත් ඉහළම දක්ෂතාව එයයි.

මීට අමතරව කුසල් මෙන්ඩිස් 30 වන ස්ථානයේ සිට 26 වන ස්ථානය දක්වා ද, ධනංජය ද සිල්වා 39 වන ස්ථානයේ සිට 37 වන ස්ථානය දක්වා ද, ඉදිරියට පැමිණ තිබෙනවා. දිමුත් කරුණාරත්න පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි රැුදී සිටින්නේ 11 වන ස්ථානයේයි.

මේ අතර, ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි 22 වන ස්ථානය දක්වා ස්ථාන 4කින් ඉදිරියට පැමිණීමට සුරංග ලක්මාල් සමත් වී තිබෙනවා. ළහිරු කුමාර 30 වන ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ ඇති බවයි ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සලය අද නිවේදනය කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

බන්ධනාගාරයේදී ඥාණසාර හිමියන් ඝාතනය කිරීමේ සැළසුමක් හෙලිවෙයි – සිරගතව සිටි අපරාධකරුවෙකුගෙන් හෙළිදරව්වක්

Shiran Viraj

පුටින් සමග සහයෝගයෙන් වැඩකිරීමට ට්‍රම්ප් සූදානම්

Shiran Viraj

තව මදි.. දේපල බද්දක් පනවනු..- IMF ප‍්‍රධානී කොලඹදී..

Shiran Viraj
Translate »