2026-09-07
mediahumanrights.lk
Local NewsNewsPolitical

පක්ෂයේ අනාගතය මීතොටමුල්ල කුණු කන්ද වගෙයි

තමන් සමග දිවීමට හැකි ජොකියෙකු දඹුල්ලට පත් කරන්නැයි තමන් අභියෝග කරන බව දඹුල්ල හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
ශ්‍රීලං.නි.ප සංවිධායක ධූරයෙන් තමන් ඇතුළු පිරිස ඉවත් කිරීම පිළිබඳව දැනුවත් කිරීමට අද (26)
දඹුල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.
තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළ මොහොතේ කනගාටුව පළ කිරීමට ඇමතුම් ගලා ආ බවත්, තම පුතා සිය ඇමති ධුරයෙන් ඉවත්වීම එඩිතර තීන්දුවක් බවත් ඔහු මෙහිදී කියා සිටියේය.
පක්ෂයේ වැරදි අඩුපාඩුකම් තිබුණු බවත් ,1956 සිට තම පියා දඹුල්ල නියෝජනය කළ බවත්, 94 සිට තමන් ඒ වගකීම ඉටුකළ බවත් කියා සිටි ඔහු මෙම සිද්ධිය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය මිතොට මුල්ලේ කුණු කන්ද වගේ බවත් තෙන්නකෝන් මහතා අවධාරණය කළේය.
නවතම පත්කිරීම් තුළින් පෙන්නේ ඒ අයට ජන පදනමක් නැති අය බවත්,  තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන දුකක් කනගාටුවක් පවතින බවත් කියා සිටි ඔහු පක්ෂය මේවන විට එජාප තුරුල්ලේ සිටින බව වැඩිදුරටත් කියා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

බලංගොඩ වෙළඳසැලක හටගත් ගින්නකින් පියා සහ දියණිය මරුට

Shiran Viraj

පොලිතීන් ගැන රජයේ අලුත්ම තීරණයට නිෂ්පාදකයින්ගේ විරෝධය

Shiran Viraj

කොරෝනාවට බියෙන් ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් මෙරටට පැන එති.. පොලිස් බාරයට..

Shiran Viraj
Translate »