mediahumanrights.lk
Local NewsNews

ශාන්තා, උපුල් ශාන්ත සන්නස්ගලට නඩු පවරයි

මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ බිරිඳ, ලේඛක උපුල් ශාන්ත සන්නස්ගලට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ අද (19) පැමිණිල්ලක් ගොනු කළා.
තම සැමියා විසින් සංස්කරණය කරන ලද ඉංග්‍රීසි -සිංහල ශබ්ද කෝෂයේ කර්තෘ භාගය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ලක්ෂ 29 ක මුදල ගෙවීම ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල පැහැර ඇති බවයි මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ බිරිඳ ශාන්තා පද්මපෙරුම  කියා සිටින්නේ.
මේ නිසා අදාළ මුදල ඔහුගෙන් අයකර දෙන මෙන් ඉල්ලා මෙම පැමිණිල්ල ගොනු කළා.
එම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කීරීම වෙනුවෙන් සන්නස්ගල මහතා කර්තෘ භාගය ලෙස රුපියල් ලක්ෂ 40ක් මුදලක් ගිවිසුම් ප්‍රකාරව ගෙවීමට පොරොන්දු වී ඇති අතර රුපියල් ලක්ෂ 11 ක් ගෙවුවද ඉතිරි මුදල වන රුපියල් ලක්ෂ 29 ක මුදල 2013/10/01 දින සිට ගෙවා නැති බවයි පැමිණිලිකාරිය ප්‍රකාශ කරන්නේ.
(under the courtesy of hirunews news web)

Related posts

ත්‍රිකුණාමලයේ පුද්ගලයින් 75,000ක් ආරක්ෂිත ස්ථාන වෙත

Shiran Viraj

සිසුවාට ඇප – ගුරාට ඇප නෑ

Shiran Viraj

ජාතික ජන බලවේගය රාජපක්ෂවරුන් ඉලක්ක කර ගනිමින් සිටිනවා – මහින්ද රාජපක්ෂ

Shiran Viraj
Translate »