mediahumanrights.lk
Local NewsNews

පාරේ කුණු දාන අයට ඉදිරියේදී වැඩ වරදියි

මාර්ග දෙපස අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම පිළිබඳ දෛනික වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොලිසිය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
පළාත් පාලන ආයතන විසින් තෝරාගත් ස්ථානවලට කසල බැහැර කිරීමේ දී එම කටයුතුවලට බාධා කරන පිරිස්වලට එරෙහිව දැඩි නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසද මෙහිදී ජනාධිපතිවරයා පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දුන්නා. පරිසර පොලිසිය ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
කසළ වර්ගීකරණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට පුළුල් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරන ලෙසද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ පුත්තලම අරුවක්කාරු කසල බැහැර කිරීමේ අංගනය ඉදිකිරීම වෙනුවෙන් මෙම වසරේ දී රුපියල් මිලියන දෙදහසක මුදලක් ලබාදීමට ද කටයුතු කරන බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

ඉන්ධන ජාවාරම්කරුවන් ඇල්ලීමට හමුදා බුද්ධි අංශ යොදවයි; වැටලීම් දැඩි කරන බව ඛනිජ තෙල් සභාපති පවසයි

Shiran Viraj

ඉන්ධන මිල ඉහල දමන්නැයි කියයි.. දැනට ලීටරයක පාඩුව ඩීසල් 43ක්, පෙට්‍රල් 28ක්, භූමිතෙල් 60ක්

Shiran Viraj

ගාළු මුවදොර විරෝධතාකරුවන්ට ඉවත් වන්නැයි අවසන් දින දෙයි.. නැතොත් නීතිය…

Shiran Viraj
Translate »