26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

සහන කාලය අවසන් – ත්‍රිරෝද රථ මත පැනවෙන නව නීතිය අද සිට

ති‍්‍ර රෝද රථ සඳහා අද (20) සිට නව නීතියක් හඳුන්වා දෙනවා. ඒ, මගියාට බිල් පතක් නිකුත් කළ හැකි වන පරිදි මීටරයක් සවි කිරීම අනිවාර්යය කරමින්.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසන්නේ බිල්පතක් නිකුත් නොකරන තී‍්‍ර රෝද රථ සම්බන්ධයෙන් ජනතාවට පැමිණිලි කිරීමේ අවස්ථාවද පවතින බවයි. ඒ සඳහා 011 2 69 68 90 යන අංකයෙන් තොරතුරු ලබා දිය හැකි බව  මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කියා සිටියා. තී‍්‍ර රෝද රථවලින් විවිධ මිල ගණන් අය කිරිම හරහා ජනතාව පත්වන අපහසුතාව හේතුවෙනුයි මෙම නව නීතිය හඳුන්වා දී ඇත්තේ.

මගියාට බිල්පතක් නිකුත් කළ හැකි වන පරිදි ති‍්‍ර රෝද රථ සඳහා මීටරයක් සවි කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව තී‍්‍ර රෝද රථ රියදුරන්ට මාස 06ක සහන කාලයක් ලබා දුන්නා. එම කාලය අවසන් වුණේ අපේ‍්‍රල් මස පළමුවනදායි. ඒ අනුව මගියාට බිල්පතක් නිකුත් කිරීම අනිවාර්යය වනු ඇති.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ඊයේ එජාපයට ගිහින් අද යළිත් ආණ්ඩුවට එන මන්ත්‍රි මෙන්න

Shiran Viraj

The top street style trends of spring 2018 fashion month

Shiran Viraj

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි

Shiran Viraj
Translate »