mediahumanrights.lk
Local NewsNewsPolitical

පාර්ලිමේන්තුව ගහ මරා ගන්න තැනක් වෙලා – සුනිල් හදුන්නෙත්ති

‘රටේ පාර්ලිමේන්තුව යනු රටක ප්‍රතිපත්ති සම්පාදනය කරණ ස්ථානය. මේ වනවිට එය ගහ මරාගන්න තැනක් වෙලා. පසුගිය දා එහි කථාකරලීමට තිබුනේ රටේ පවතින නියගය, බඩුමිල, දූෂණ වංචා, බැඳුම්කර, නමුත් පසුගිය දින හතරෙම සිදු වුනේ නිදහස් පක්ෂය ඇතුලේ තිබුණු ප්‍රශ්ණයක් පාර්ලිමේන්තුවට ගෙනාපු එක විතරයි.
රටේ ජනතාව මේ පාර්ලිමේන්තුවට දවසකට රුපියල් ලක්ෂ හතලිස් හයක් වියදම් කරනවා. පසුගිය දින හතරට එක්කෝටි අසූහතර ලක්ෂයක් නිරපරාදේ නාස්ති උනා. නමුත් රටේ ජනතාව බලාපොරෝත්තු වුනු දේ ලැබුනෙ නෑ. ඒ විතරක් නෙවෙයි අද පාර්ලිමේන්තුව විහිලුවක් වෙලා. නමුත් ඒ විහිලුවේ කොටස්කාරයෝ වෙන්න ජනතා විමුක්ති පෙරමුණේ අපි කැමති නෑ. ඒ නිසා තමයි අපි අපේ ඡන්දය නොදුන්නේ. අපි මේ බලුපොරේ කොටස් කරුවන් වෙන්න කැමති නෑ.
පාර්ලිමේන්තුව මෙහෙයවිය යුත්තේ ප්‍රතිපත්ති සම්පාදනයට නමුත් මේ ආන්ඩුව ජනතාවට පාර්ලිමේන්තුව වෙත තිබියයුතු විශ්වාසය ගොඩනගා ගැනීමට බැරි තත්වයක් ඇතිවෙලා. ඉතිහාසයේ මුල්ම වතාවට ලංකාවේ ආන්ඩු පක්ෂයක් පාර්ලිමේන්තුවෙන් එලියට බැහැල ගියා. ආණ්ඩුවේ ප්‍රධානියා හැටියට අගමැතිතුමා පවා අසමත්වෙලා පාර්ලිමේන්තුවට නායකත්වය දෙන්න. ඒ නිසා අද සිදුවෙලා තිබෙන්නේ ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුව වර්ජනය කරන්න.
අද පක්ෂ අතර ඇතිවෙලා තිබෙන බල පොරය නිසා ජන වරමේ සියලු අපේක්ෂාවන් බිදවැටිල තිබෙන්නේ. මේ තත්වය ඉදිරියටත් ඇතිවුනොත් රටේ ජනතාවට මේ වෙනකොට අවම මට්ටමේ හෝ පාර්ලිමේන්තුව වෙත ඇති විශ්වාසය බිදවැටෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා අද(11) මේ බව සදහන්කර සිටියේ මාතර දී පැවති මාධ්‍යය හමුවක් අතර තුරදීය.

Related posts

ත්‍රි රෝද රථ රියැදුරන්ට සුබ අනාගතයක්

Shiran Viraj

ජනාධිපති ගෝටාභයගෙන් අපට කිසිවක් ලැබෙන්නේ නෑ.. ඉන්දියාව මැදිහත් වී අපට ෆෙඩරල් ලබා දිය යුතුයි..

Shiran Viraj

දඹුල්ලේ නිවසට ගිය මිනුවන්ගොඩ ඇගළුම්හල් සේවකයාට කොරෝනා

Shiran Viraj
Translate »