29.5 C
Colombo
2026-09-27
mediahumanrights.lk
International NewsNews

කියුබාවේ නව නායකයා දිවුරුම් දෙයි

මිගෙල් ඩියෑස් කැනල් කියුබාවේ නව නායකයා ලෙස දිවුරුම් දුන්නා. ඒ එරට පාර්ලිමේන්තුව ඔහු නව නායකයා ලෙස ඒකමතිකව ඊයේ තෝරා පත් කර ගැනීමෙන් අනතුරුවයි. ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ සිය ධූරය අතහැරීමත් සමගම මිගෙල් ඩියෑස් කැනල් හට නව පාලකයා වීමට අවස්ථාව හිමිවුණා. ඒ අනුව 1959 වසරේ සිදුවූ කියුබානු විප්ලවයෙන් අනතුරුව එරට පාලනය කැස්ත්‍රෝ පවුලෙන් ගිලිහී ගිය පළමු අවස්ථාව මෙයයි.

දිවුරුම් දීමෙන් අනතුරුව පළමු වරට කියුබානු ජනතාව ඇමතූ මිගෙල් ඩියෑස් කැනල් පැවසුවේ කිසිඳු අවස්ථාවක ධනවාදය සඳහා කියුබාව තුළ ඉඩක් නොමැති බවයි. 57 හැවිරිදි මිගෙල් ඩියෑස් කැනල් ද කියුබානු විප්ලවයෙන් අනතුරුව නැගී සිටි අයෙකු ලෙස හැඳින්වුවත් රට තුල රැඩිකල් වෙනසක් සිදු කිරිමට අපොහොසත් වනු ඇති බවටයි ජාත්‍යන්තරය තුළ මත පළ වන්නේ.

කැස්ත්‍රෝ පවුලේ සමීපතමයෙකු වන මිගෙල් ඩියෑස් කැනල් හිටපු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝගේ දකුණු අත ලෙස නම් දරා සිටිනවා. මිගෙල් ඩියෑස් කැනල් කියුබාවේ නව නායකයා වුවත් එරට පාලන බලය මෙහෙයවන කොමියුනිස්ට් පක්ෂයේ නායකයා ලෙස තවමත් කටයුතු කරන්නේද රාවුල් කැස්ත්‍රෝ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අනුර ජනාධිපති ලෙස දිවුරුම් දීමේ සැලසුම මෙන්න..

Shiran Viraj

අද සිට අඩු මිලට බිත්තර රට පුරා.. සීමා නෑ..

Shiran Viraj

මනීෂා සහකරුවෙක්‌ තෝරාගන්න එක ගැන තවම හිතුවේ නැතිලු

Shiran Viraj
Translate »