26.6 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

හොරණ රබර් කර්මාන්ත ශාලාවේ අනතුරෙහි වගකීම ජනපති බාරගත යුතුයි

පස් දෙනෙකුට මරු කැඳවමින්, හොරණ බැල්ලපිටියේ රබර් කර්මාන්ත ශාලාවක සිදුවූ අනතුරෙහි වගකීම, පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් බාරගතයතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මේ බව පවසනවා.

සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් කියවන්න.

 2018-04-19
මාධ්‍ය නිවේදනය.
හොරණ රබර් කර්මාන්ත ශාලාවේ ඇතිවූ අවාසනාවන්ත සිදුවීමේ වගකීම පරිසර ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා බාරගත යුතුයි.

හොරණ ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්ත ශාලාවක ඇතිවූ අවාසනාවන්ත සිදුවීමෙන් මියගිය 5 දෙනාගේ වටිනා ජීවිත වල වගකීම සෘජුවම පරිසර ඇමතිවරයා වශයෙන් ජනාධිපතිවරයා බාරගතයුතු බව අප සංවිධානය තරයේ ප්‍රකාශ කරමු.

මෙවැනි කර්මාන්ත ශාලා පිළිබඳව සොයා බැලීම කලයුත්තේ ජනාධිපති වරයා යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරීයයි. මධ්‍යම පරිසර අධිකාරියේ දූෂණ වංචා පිළිබදව අප සංවිධානය විසින් ජනාධිපතිවරයාට කිහිපවිටක්ම පැමිණිලි කළද එම පැමිණිලි වලට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. මෙරට මාධ්‍ය ආයතන පවා මෙම කර්මාන්ත ශාලාව ඇතුළු තවත් කර්මාන්ත ශාලා පිළිබදව නොයෙක් වර හෙළිදරව් කර ඇත.

සමහර කර්මාන්ත ශාලා සදහා අවශ්‍ය පරිසර සහතික ලබා ගෙන නැති අතර තවත් කර්මාන්ත ශාලා පරිසර සහතික ලබා ගෙන ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ට අල්ලස් ලබා දී මෙන් බව අපි වගකීමෙන් පවසන්නෙමු. පාලකයන්ගේ වැරදි වලට ජනතාව දඬුවම් විදින යුගය වහා නැවත්වීමට රජය කටයුතු කළ යුතු අතර අදාල කර්මාන්ත ශාලාවේ ඇති වූ සිදුවීමට ජනාධිපතිවරයා කනගාටුව ප්‍රකාශ කිරීමෙන් හෝ වන්දි ලබා දීමෙන් පමණක් නොනැවතී මෙරට කර්මාන්ත ශාලා වල සේවය කරන සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් මධ්‍යම පරිසරි අධිකාරියේ දූෂණ වංචා පිලිබදව සොයා බැලීමට කටයුතු කරන ලෙසත්  අපි ජනාධිපති වරයාගෙන් ඉල්ලා සිටිමු.

මෙයට, විශ්වාසි           

 රංජිත් විතානගේ – සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

(under the courtesy of nethnews.lk news web)

Related posts

‘එදා බෙරගල කදවුරේ ගෝනි බිල්ලා අද ඇමතිවරයෙක්..’ – චාමර සම්පත් බටලන්ද දෙවනත් කරයි…

Shiran Viraj

ගංගා රැසක් ඉහලට.. පහත් බිම් අවදානමේ..

Shiran Viraj

අයවැයෙන් භාණ්ඩ හා සේවා 622කට බදු පනවලා…

Shiran Viraj
Translate »