2026-08-04
mediahumanrights.lk
Local NewsNews

කොමිසමට දේශපාලකයෝ ඇගිලි ගහනවා.. ස්වාධීනකම නැතිකරන්නයි හදන්නේ..- PUCSL සභාපති…

දේශපාලන අධිකාරීන් විසින් මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීන බව නැති කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගන්නා බව එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.

එසේ සිදුකිරීම ඉතිහාසගත වරදක් බවත් රට තවත් රටට තවත් ස්වාධීන ආයතන අවශ්‍ය අවස්ථාවක තිබෙන ස්වාධීන ආයතන වලට බලපෑම් කිරීම හොඳ තත්ත්වයක් නොවන බවත් ඔහු පැවසීය.

විදුලි ගාස්තු ඉහළ දැමීමේ ක්‍රමවේදයට වැරදි අර්ථකථනයක් නීතිපතිවරයාගෙන් ලබාගෙන ඒ අනුව විදුලි ගාස්තුව වැඩ කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක බව ද හෙතෙම පවසයි.

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ඉතා අසාධාරණ බවත් මහජන උපයෝගීතා කොමිසම ඊට විරුද්ධ බවත් රත්නායක මහතා තව දුරටත් කියා සිටියේය.

Related posts

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල 6 ශ්‍රේණිය මොඩියුලය 2027 සිට ක්‍රියාත්මක කිරීමට පියවර

Shiran Viraj

කොළඹ කොටස් බියකරු කඩා වැටීමක.. අද ඒකක 500කින් කඩා වැටේ..

Shiran Viraj

08ක් මරුට.. 69ක් රෝහලේ.. අධිකාරී කාර්යාලය, මුළුතැන්ගෙය, ගබඩාව ගින්නෙන් විනාශයි.. මහර හිරගෙදර ගැටුමේ සුලමුල මෙන්න..

Shiran Viraj
Translate »