30 C
Colombo
2026-10-02
mediahumanrights.lk
NewsSportsSports News

කෝලි, මිලියන ගණනක වෙළඳ ප්‍රචාරණයකට බැහැ කිව්ව හේතුව මෙන්න

විරාට් කෝලි කියන්නේ පුවත් මවන චරිතයක්.ඒ විතරක් නෙමෙයි ලෝකෙම බලා ඉන්න තරුවක්. ඔහු ගන්න සෑම පියවරක් දිහාම බොහෝ දෙනා බලන් ඉන්නවා.සල්ලි පස්සේ විතරක් දුවන ක්‍රීඩකයන්ට අපූරු ආදර්ශයක් දෙමින් කෝලි කළ වැඩක් නිසා බොහෝ දෙනාගේ අවධානය නැවතත් කෝලි වෙත යොමුවෙලා.
හින්දු පුවත්පත වාර්තා කරන ආකාරයට කෝලි මිලියන ගණනක සිසිල් බීම ගණුදෙනුවක් ප්‍රතික්ෂේප කරලා.ඔහු වායුකෘත බීම වර්ග පාවිච්ච නොකරන නිසාත්, වායුකෘත සිසිල් බීම පාවිච්ච නොකරන සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුමනය කරන නිසාත් කෝලි මේ තීරණය අරන් තියනවා කියලයි වාර්තාවෙන්නේ.
ලංකාවට එන්න කලින් ඉන්දියාවේ ක්‍රීඩකයන්ට තිබුණු ‘Yo-Yo’ endurance පරීක්ෂණයෙදි වැඩිම ලකුණු අරන් තියෙන්නෙත් කෝලි.කෝලි මේ පරීක්ෂනයෙදි ලකුණු 21 අරන් තියෙන්නේ ඉන්දියානු කණ්ඩායමේ හොඳම ෆිට්නස් තියන ක්‍රීඩකයා වෙමින්.ලෝකේ හොඳම ෆිට්නස් කියන කණ්ඩායම ලෙස සැලකෙන්නෙත් ඉන්දියානු කණ්ඩායමයි.
(under the courtesy of adaderana news web)

Related posts

ගමට කෝටියක් වැඩසටහනෙන් ව්‍යාපෘති 117ක්

Shiran Viraj

තැපැල වර්ජනය කලත් අපි වැඩ – මැතිවරණ කොමිසම කියයි

Shiran Viraj

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාන්තා ආරක්ෂක නිලධාරිනියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ නිලධාරියා ඇප මත මුදාහැරේ

Shiran Viraj
Translate »