28.9 C
Colombo
2026-07-09
mediahumanrights.lk
Local NewsNews

2014 න් පසු විශ්‍රාම ගිය සේවකයන් ලංවිම යළි කැඳවයි

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කර 2014 වසරේ සැප්තැම්බර් මස 01 වන දිනට පසුව විශ්‍රාම ගෙන ඇති සේවකයින් නැවත සේවයට කැඳවීමට විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිඛෙනවා.
එහි සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ විදුලි සේවාව අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි.
ඒ අනුව, ක්ෂේත්‍ර කාර්මික සේවයට අදාළ විශ්‍රාමික සේවකයන් සහ රියදුරන්ට සිය සේවය නැවත ලබා දීමට කැමතිනම් අවසන් වරට රාජකාරී කළ ස්ථානයට වාර්තා කරන ලෙසයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය ඉල්ලා සිටින්නේ.
විදුලි බල මණ්ඩල සේවකයන් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ද සුලක්ෂණ ජයවරධන වැඩිදුරටත් සඳහන් කළා.
(under the courtesy of nethfm news web)

Related posts

ආණ්ඩුව ඥානසාර හිමි සඟවලා – මහින්ද

Shiran Viraj

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වන ජන්ම දිනය සැමරීමට ජනපති එක්වෙයි

Shiran Viraj

වර්තමාන ආණ්ඩුව ගත් පියවර නිසා රට නැගිටින බව Fitch Rating කියනවා..- බිමල්

Shiran Viraj
Translate »