2026-09-04
mediahumanrights.lk
Local NewsNewsPolitical

''මහින්දගේ අවජාතක දරුවා සුජාත කරන්නයි හදන්නේ''

සයිටම් අවජාතක දරුවා බිහිකළේ පවතින ආණ්ඬුව නොව පැවැති ආණ්ඩුව බවත්, එයට සුජාතභාවය ලබාදීම මේ ආණ්ඬුවේ වගකීම බවත්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.
ඔහු මේ බව පැවැසුවේ ඊයේ (04දා) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැති ”ජාතික පුස්තකාලයේ” විසිහත් වන සංවත්සර සැමැරුම් වැඩසටහනට එක්වෙමිනි.
අමාත්‍යවරයා මෙසේ පැවැසීය.
සමහර සංවිධාන සයිටම් ප්‍රශ්නය අල්ලාගෙන වැඩවර්ජන රැල්ලක් ක්‍රියාත්මක කරන්න යනවා. මාධ්‍යවලින් අපි දැක්කා. 2015 මැතිවරණය අපි ජයග්‍රහණය කරලා මේ වෙනකොට අවුරුදු දෙකක් වත් තව ගත වුණේ නැහැ. මේ ආණ්ඩුව අවුරුදු පහකට පත් වුණේ.
මේ ආණ්ඩුව පෙරළන්න දේශපාලන න්‍යාය පත්‍රවලට අද වැඩවර්ජන ක්‍රියාත්මක කරන්න සමහරු උත්සාහ ගනිමින් ඉන්නවා. බලයෙන් ඇත් වෙලා විපක්ෂයේ වැඩි කල් ඉන්න බැරි බලලෝභී දේශපාලඥයන් තමයි මේ විදියට කටයුතු කරන්නෙ.
මේ වැඩවර්ජන රැල්ල සයිටම් ආයතනයේ ප්‍රශ්නයක් විදියට අපි දකින්නේ නැහැ. මේක වෙනත් විදියකින් එන රැල්ලක්.
ජනතාවට තියෙන ආදරේට නෙවෙයි :
අන්තවාදීන් විසින් උත්සාහ කරනවා පාසල්වල ගුරුවරුන්ව, විදුහල්පතිවරුන්ව නිවාඩු දම්මලා අසාධාරණ වැඩ වර්ජනයට එකතු කරගන්න. අපේ රටේ ඉන්න අහිංසක රෝගීන්ගේ අසරණභාවය ගැන හිතන්නෙ නැතිව ඔවුන්ගේ පෞද්ගලික පරමාර්ථ ඉෂ්ට කර ගන්න සමහර වෛද්‍යවරු උත්සාහ කරමින් ඉන්නවා.
මේ වැඩ වර්ජන කරන්නෙ රටේ ජනතාවට තියෙන ආදරේට නෙවෙයි. තමන්ගේ දේශපාලන අභිමතාර්ථ ඉෂ්ට කර ගන්න.
රටේ වෘත්තීය සමිති අතකොළු බවට පත් කර ගනිමින් තමයි මේ වැඩවර්ජන ක්‍රියාත්මක කරන්නෙ. අපි අවධාරණයෙන් කියනවා පාසල්වල වැඩවර්ජන ක්‍රියාත්මක කරලා රටේ දරුවන්ගේ අනාගතය නැති කරන්න හදන්න එපා. එහෙම කළොත් ඒකෙ පාඩුව අපිට නෙවෙයි තියෙන්නෙ තමන්ගෙම දරුවන්ට.
එය තීරණය කිරීම සඳහා ඒ පිළිබඳව සිතා කටයුතු කිරීම මවුපියන්ගෙ වගේම ගුරුවන්ගෙත් වගකීමක්. ඔය වෘත්තීය සමිති පෙනී ඉන්නෙ කවුරු වෙනුවන්ද කියලා ජනතාව අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.”
(under the courtesy of srilankamirror news web)

Related posts

‘රට වසා දමන්නේ නෑ..’ – ඇමති ප‍්‍රසන්න BBC ට කියයි..

Shiran Viraj

මහින්ද ඉවත් කලොත් ගෝටාභයත් ඉවත් කරනවා..- පොහොට්ටු පුංචි මන්ත‍්‍රීන් අරලිය මැදුරේදී…

Shiran Viraj

හෘද රෝග, පිළිකා, දියවැඩියාව ඇතුළු රෝග රැසකට ගුණ දෙන සෝයා

Shiran Viraj
Translate »