mediahumanrights.lk
Local NewsNewsPolitical

මහින්ද රාජපක්ෂට එල්ල වූ චෝදනා කෝ?

යහපාලන ආණ්ඩුව පිහිටුවා වසර දෙකක් ගතවුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි චෝදනා කිසිවක් ඔප්පු කිරීමට නොහැකි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
ගාල්ල හබරාදුව ප‍්‍රදේශයේ ඊයේ (26) පැවති ජන හමුවකට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියා සිටියා.
යහපාලනයට ඡන්දය දුන් පිරිසගෙන් තමන් ප්‍රශ්න කරන්නේ අද වෙන තෙක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට විරුද්ධව ඔප්පු කිරීමට හැකි වූ එක හෝ චෝදනාවක් ඇත්නම් ඒ කුමක්ද යන්නයි.
එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “මහින්ද රාජපක්ෂ මහත්තයාව ගෙනිච්චා ජනාධිපති විමර්ශන කොමිසමට. මෙගා ඩීල් ගහලද? හයි වේ රෝබරි නිසාද? ලැම්බෝගිනි එලවලාද? රත්තරං අශ්වයෝ පැදලද? … නෑ.. ජනාධිපතිවරණයේ දැන්වීම් දැම්මයි කියලා. ජනවාරි 08 වැනිදා මෙව්වද කිව්වේ.” යනුවෙනි.
(under the courtesy of nethfm news web)

Related posts

උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල අඩු වෙයි

Shiran Viraj

මහින්ද පාර්ලිමේන්තුවේ..විශේෂ ප‍්‍රකාශයක් සූදානම්..සන්ධානය ආණ්ඩු පක්‍ෂයේ

Shiran Viraj

මුහුදෙන් මත්ද්‍රව්‍ය ගෙන ඒම නතරකරනවා

Shiran Viraj
Translate »