2026-09-07
mediahumanrights.lk
Local NewsNews

අල්ලස් ගත් දොස්තර යළි රිමාන්ඩ්

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් කුලියාපිටිය මූලික රෝහලේ වෛද්‍යවරයා සහ පෞද්ගලික රසායනාගාරයක නිලධාරියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 24 වන දින දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
සැකකාර වෛද්‍යවරයාගේ ජංගම දුරකථනය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට අල්ලස් කොමිසම වෙත අධිකරණය අවසර ලබාදී තිබේ.
සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ලබන 27 වනදා සලකා බලන බව  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ප්‍රකාශ කළ බව අධිකරණ වාර්තාකරු පැවසුවේය.
(under the courtesy of adaderana news web)

Related posts

දිවුලපිටියේ කාන්තාවට කොරෝනා ආසාධිත වූ අයුරු තවමත් ගැටලුවක් – මහජනතාවටත් විශේෂ පණිවිඩයක්

Shiran Viraj

අපට වැදගත් වන්නේ මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව පමණයි.. ඉදිරියේදී තනිව අරගල කරනවා..- හකීම් විදෙස් මාධ්‍යට කියයි..

Shiran Viraj

රටේ ඩොලර් නෑ.. බඩු ගේන්න විදිහක් නෑ.. බඩු මිල වේගයෙන් ඉහළ යාම නවත්තන්න බෑ..

Shiran Viraj
Translate »