26.1 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

මැගසින් බන්ධනාගාරයේ පාතාල කල්ලි ගැටුමක අවදානමක්

මැගසින් බන්ධනාගාරයේ රඳවා සිිටින පාතාල කල්ලි සාමාජිකයන් අතර ගැටුමක් ඇතිවීමේ හැකියාව පවතින බව වාර්තා වනවා.
බන්ධනාගාර ආරංචි තුළින් නෙත් නිවුස් වෙත වාර්තා වුණේ  මේ වනවිට කල්ලි දහයක පමණ පාතාල සාමාජිකයන් සියයකට අධික සංඛ්‍යාවක් බන්ධනාගාරය තුළ රඳවා සිටින බවයි.
ඔවුන් අධිකරණ වෙත යොමු කිරීමට සහ ඔවුන්ගේ අවශ්‍යතා සඳහා සිරකුටිවලින් පිටතට ගැණෙනවා. එම අවස්ථාවලදී පාතාල කල්ලි සාමාජිකයන් අතර ගැටුමක් ඇතිවීමේ හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.
මැගසින් බන්ධනාගාරයේ රඳවා තැබිය හැකි සිරකරුවන් ගණන දහසක් පමණ වුවද මේ වනවිට සිරකරුවන් 1400 ක් පමණ රඳවා සිටිනවා.
පාතාල නායකයන් ලෙස සැලකෙන කෙනඩි, ආමි සංක, චූටි උක්කුං සහ කළු තුෂාර ද ඒ අතර වනවා. ඝාතනයට ලක්වු පාතාල නායක සමයංගේ සාමාජිකයන් කිහිප දෙනෙකුද මැගසින් බන්ධනාරයේ රඳවා සිටින බවයි වාර්තා වන්නේ.
නියමිත ප‍්‍රමාණයට වඩා වැඩි සංඛ්‍යාවක් රඳවා තිබීම ඔවුන් අතර ගැටුමක් ඇතිවීමට ප‍්‍රධාන හේතුව වී ඇති බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ.
(under the courtesy of nethfm news web)

Related posts

පොල් මිල පාලනය කිරීමට නව වැඩපිළිවෙලක්

Shiran Viraj

‘සහන මල්ල’ මැ.කො. තහනම් කරයි.. මැතිවරණයෙන් පසු බෙදන්න දන්වයි…

Shiran Viraj

ඖෂධ ගන්න සල්ලි නෑ.. අපට කීය කීය හරි දෙන්න.. සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් යදී…

Shiran Viraj
Translate »