2026-07-03
mediahumanrights.lk
NewsPolitical

ජනපති සජිත්ගේ අගමැති කිරිඇල්ල බව මහනුවරදී කියයි..

ඉදිරි ජනාධිපතිවරයන් ජයගෙන සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා බවට පත්වූ පසු මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිල්ල මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇති බවට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඉඟි පළ කරයි.

මහනුවරදී පවත්වන ලද සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ ජනරැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

රණසිංහ ප්‍රේමදාස මහතාද ජනාධිපතිවරයා බවට පත් වූ පසු කන්ද උඩරටින් අගමැතිවරයෙකු පත් කළ ආකාරයටම සජිත් ප්‍රේමදාස මහතා ද කටයුතු කරනු ඇති බවටත් ඔහු එහිදී කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩිම වැඩ කොටසක් කරමින් සිටින්නේ සභා නායකවරයා වශයෙන් කිරිඇල්ල මහතා බවට ද ඔහු තවදුරටත් එහිදී සඳහන් කළේය.

කෙසේ වෙතත් සමගි ජන බලවේග මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම්බණ්ඩාර මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ රජයක අග්‍රාමාත්‍ය දුරයට පත්වනු ඇති බවට මොණරාගල දිස්ත්‍රික්කයේ ඉහළ කතා බහක ඇති වී තිබේ.

Related posts

රෝහිතගේ තරගය පේ‍්‍රක්‍ෂකයන්ට තහනම් කරයි.. යෝෂිත පිටියෙන් සමුගනී..

Shiran Viraj

ඖෂධ ඇමති අභීත තීන්දුවක් ගනී.. කොරෝනා මඩින හෙල ඔසුව කොරෝනා රෝගීන් 50කට දෙයි.. සාර්ථක නම් එය සැමටම..

Shiran Viraj

‘එදා බෙරගල කදවුරේ ගෝනි බිල්ලා අද ඇමතිවරයෙක්..’ – චාමර සම්පත් බටලන්ද දෙවනත් කරයි…

Shiran Viraj
Translate »