25.6 C
Colombo
2025-12-17
mediahumanrights.lk
NewsPolitical

සරුසාරයි හරි සාරයි දැන් රජයට!

වසර 63 කට පසු රාජ්‍ය ආදායමේ රුපියල් බිලියන 22 අතිරික්තයක් ඇති කර ගැනීමට රජය සමත් වූ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
රජය ආදායම උපයන කිසිදු මාර්ගයක් පෞද්ගලීකරණයට ලක් කොට නොමැති බව අවධාරණය කරන අමාත්‍යවරයා අන්තර් ජාතික මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකා මහබැංකුව පෙන්වා දෙන ආකාරයට මෙරට ආර්ථිකය වර්ධනය වේගවත් වී ඇති අතර පසුගිය වසරේ ඇතිවූ ස්වභාවික ආපදා හමුවේ පවා වාර්තාකරන ලද මෙම වර්ධන වේගය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රගතිදායක හා වේගවත් වර්ධනයකට මුලපුරා ඇති බව පැහැදිලි වන බවද සඳහන් කරයි.
රු. බිලියන 22 රාජ්‍ය ආදයම් අතිරික්තයක් ලබා තිබියදි රාජ්‍ය ආදායම අහිමි වුවායැයි කරන ප්‍රකාශ පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගත් දේශපාලනික කියවීමක් පමණක් බවද එම නිවේදනයේ සඳහන් වේ.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

10 fastest growing travel destinations in Europe of 2017

Shiran Viraj

ශාන්තා, උපුල් ශාන්ත සන්නස්ගලට නඩු පවරයි

Shiran Viraj

මොකක්‌ද අප්පා… කාණු වත්තේ රංජි කියලාම කතා කරන්නේ…

Shiran Viraj
Translate »