mediahumanrights.lk
Local NewsNewsPolitical

අගමැතිගෙන් දැඩි ප්‍රකාශයක්: ‘දිට්වා’ සුළි කුණාටුව මැදත් 7% වර්ධන ඉලක්කය ස්ථිරයි! – කොලොන්නාව පදිංචියට නුසුදුසුයි

‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ දැවැන්ත හානිය මධ්‍යයේ වුවද, රටේ මැදි කාලීන ආර්ථික වර්ධන වේග ඉලක්කය වන 7% වෙනස් නොකරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය කොළඹ ආර්ථික සමුළුවේදී ප්‍රකාශ කළාය.

වැරදි සැලසුම්වලට චෝදනා:

ගංවතුරෙන් කොළඹ අවතැන් වූ 90,000 ක පිරිසක් ගැන සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, කොලොන්නාව ද්‍රෝණිමය ප්‍රදේශයක් බැවින් පදිංචියට සුදුසු නැති බව අවධාරණය කළාය. “එකම ප්‍රජාවක් සෑම අර්බුදයකදීම පීඩා විඳීම අහඹු සිදුවීමක් නොවේ. ඉතිහාසයේ ක්‍රියාත්මක කළ සැලසුම් සහ ගත් තීරණ ඔවුන්ට මෙම ඉරණම අත්කර දී තිබෙනවා,” ඇය කීවාය.

ඉදිරි ක්‍රියාමාර්ග:

  • දැක්ම: රට තිබූ තැනට නොව ඊට වඩා හොඳ තත්වයකට රැගෙන යාමට අපේක්ෂා කරන බවත්, තීරණ ගත යුත්තේ සාක්ෂි මත පදනම්ව මිස දේශපාලනික න්‍යාය පත්‍ර මත නොවන බවත් ඇය පැවසුවාය.
  • ලෝක බැංකු සහාය: හානිය ඇස්තමේන්තු කිරීමට ලෝක බැංකුවේ සහාය ලබා ගෙන ඇත.
  • කෘෂිකර්ම සහන: මහ කන්නයේ වී වගාව නැවත යථා තත්ත්වයට පත් කිරීමට බිත්තර වී ගෙන්වීමට සිදුවන අතර, ගොවීන්ට සහ එළවළු වගාකරුවන්ට වන්දි ලබාදීමට තීරණය කර ඇත.

Related posts

මිනිස්සු හැම තිස්සෙම නැතිබැරිකම ගැන කියනවා මිස මේ රජය කරන කිසිම දෙයක් ගැන කතා කරන්නේ නෑ..- රෙජිනෝල්ඞ්

Shiran Viraj

මාතර හෝටල් හිමිකරුවෙකුට වෙඩි තැබීමට උත්සාහ කරයි

Shiran Viraj

කොළඹ අනවසරයෙන් කසළ බැහැර කළ 154ක් අල්ලයි

Shiran Viraj
Translate »