mediahumanrights.lk
Local NewsNews

කැසිනෝ, සූදු, ලොතරැයි සඳහා නව නියමයන්

කැසිනෝ, ඔට්ටු ඇල්ලීමේ සූදු සහ අන්තර් ජාලය ඔස්සේ සහ අනෙකුත් මාර්ගවලින් පවත්වාගෙන ලොතරැයි ව්‍යාපාර සඳහා මහබැංකුව නව නියමයන් හඳුන්වා දී ඇත.
ඒවායේ ගනුදෙනුකරුවන් ඩොලර් 3,000ක් හෝ ඊට සමාන ශී‍්‍ර ලංකා රුපියල්වලින් හෝ ඊට වැඩි මුදලක් යොදවා සිදු කරන මූල්‍ය ගනුදෙනුවලට මෙම නියම බලපායි.
එමෙන්ම, ඩොලර් 15,000ක් හෝ ඊට සමාන ශී‍්‍ර ලංකා රුපියල්වලින් හෝ ඊට වැඩි මුදලක් යොදවා සිදු කරන වටිනා ලෝහ වර්ග සහ මැණික් වර්ග ගනුදෙනුවලට ද ඒවා අදාළ වන බව මහබැංකුව කියා සිටී.
මෙම නියමයන් 2018 අංක 1 දරන, නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර නීති ලෙසින් ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කර ඇත.
එපමණක් නොව, රාජ්‍ය නොවන සංවිධාන, දේශපාලනමය වශයෙන් වින්දිතයින් සමග කටයුතු කිරීම, දේපල ව්‍යාපාර, බැංකු හා අනෙකුත් මූල්‍ය කටයුතුවලට ද ඒවා බලපැවැත්වේ.
එම නියම යටතේ මූල්‍ය විශුද්ධිකරණය, ත‍්‍රස්තවාදයට මුදල් සැපයීම වැනි නීතිවිරෝ්ධී කටයුතු මැඩලීම සිදු කෙරේ.

Related posts

මාවනැල්ලේ බලය තහවුරු කරගනී (PHOTOS)

Shiran Viraj

නොවැම්බර් 30 ජනාධිපතිවරණය..

Shiran Viraj

ජනවාරියේ දී සංචාරකයන් 75,000 පනී… වැඩිම රුසියාවෙන්.. ඊළගට ඉන්දියාවෙන්…

Shiran Viraj
Translate »