2026-09-15
mediahumanrights.lk
Local NewsNews

අලි ඇතුන් බලා ගැනීමේ හරි ක්‍රමය ගැන සොයයි

නීතිමය පදනම මත පුද්ගලික හිමිකාරිත්වයට යටතේ අලි ඇතුන් නිසි පරිදි රැකබලා ගැනීම නිවැරදිව සිදුවන්නේ ද යන්න පිළිබඳ සෙවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස තිරසර සංවර්ධන හා වනජිවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.
කොච්චිකඩේ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති පෙරහැරක් අතරතුර ඇතින්නක් පහරදීමෙන් හිමිනමක් අපවත්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කණගාටුවට පත් වන බව ද අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.
නුපුහුණු සේවකයන් යටතේ අලි ඇතුන් ඇති දැඩිවිම මෙවැනි අවාසනාවන්ත සිදුවීම්වලට මුල්වන බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත.
මේ සම්බන්ධයෙන් අද දෙරණ සමඟ කරුණු පැහැදිලි කළ තිරසර සංවර්ධන හා වනජිවි නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජි.ජයසේන මහත්මිය පෙරහැර සඳහා අලි ඇතුන් ලබාදීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන් ද අදහස් ප්‍රකාශ කළාය.

(under the courtesy of adaderana news web)

Related posts

බැසිල්ගෙන් U turn අතහැර V turn එකක්.. ඩොලර් මිලියන 950යි..

Shiran Viraj

චීනයෙන් නිවාස ව්‍යාපෘතියක්.. බිලියන 29ක ආධාරයක්…

Shiran Viraj

දකුණු ආසියාවේ දිගම ‘වාරි උමග’ අනුරාධපුරයේ හදයි..

Shiran Viraj
Translate »