28.9 C
Colombo
2026-02-12
mediahumanrights.lk
International NewsNews

සැත්කම් කාමරයක ගැබිනි කාන්තාවකගේ උදරය කපා වෛද්‍යවරු දෙපළක් රණ්ඩු වෙයි- දරුවාත් මියයයි

වෛද්‍යවරුන්ට හැමෝම කියන්නේ මිහිපිට ඉන්න දෙවියන් කියලා.
ජීවිතයක් බේරගන්න ඔවුන් කරන සටන නිසාම තමයි ඔවුන්ට එහෙම කියන්නේ.
ඒත් හැම වෛද්‍යවරයාම එහෙම කරනවාද?
මේ එහෙම කරන්නේ නැති වෛද්‍යවරුන් පිරිසක් ගැන තමයි කියන්න හදන්නේ.
මේ සිද්ධිය වෙලා තියෙන්නේ පසුගිය 29 වනදායි.
උමේඩා නම් රෝහලක සැත්කමක් කරන අතුරතුර වෛද්‍යවරුන් දෙපළක් අතර උණුසුම් වචන හුවමාරුවක් ගොස් තිබෙනවා
මෙහෙම රණ්ඩු වුණේ සැත්කමකට භාජනය කර තිබූ කාන්තාවගේ උදර කොටසක් කපා තිබෙන අතරතුරයි.
දරුවෙකු සිසේරියන් සැත්කමකින් එළියට ගැනීමට මෙම ශල්‍යකර්මය සිදු කෙරුණු අතර වෛද්‍යවරුන්ගේ මෙම ක්‍රියාකලාපය නිසා මේ දරුවාටද මෙලොව එළිය දකින්නට වරම් ලැබී නැහැ.
කොහොමවුනත් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක් හා නිර්වින්දන ආචාර්යවරයෙකු අතර ඇතිවුණු රණ්ඩුවෙන් අවසානයේ වන්දිගෙවන්නට වුණේ අහිංසක ජීවිතයකටයි.
(under the courtesy of adaderana news web)

Related posts

හැට්‍රික් එකක් අරන් මංගල තරගය වර්ණවත් කළ වනිඳු හසරංග ලෝක වාර්තා පොතේ සටහන් වූ හැටි

Shiran Viraj

අම්මා නැති වෙලාවේ කට ගොන්නක් බී ගෙට පැන දැරිය දූෂණය කරද්දී මාමාගේ අතටම අහුවෙයි

Shiran Viraj

ඒ සාමාර්ථ 03ක් තිබිලත් සරසවියේ දොර වැසුණු පස්සර නගරයේ ශිෂ්‍යයාව

Shiran Viraj
Translate »