2026-07-03
mediahumanrights.lk
NewsSportsSports News

ටෝකියෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු අවසන්

2020 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන ටෝකියෝ නුවර ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් කර තිබේ.

ජපානයේ ක්‍රීඩා කවුන්සිලය ඊයේ(19) මේ බව නිවේදනය කළේය.

2020 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වෙන්නේ ජපානයේ ටෝකියෝ නුවරදීයි.

ඒ අනුව ක්‍රීඩා උළෙල 2020 වසරේ ජුලි මස 24 වැනිදා සිට අගෝස්තු මස 9 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

මෙවර ක්‍රීඩා උළෙලේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන ටෝකියෝ නුවර ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් කර ඇති බව සඳහන් වෙයි.

2016 වසරේ දෙසැම්බර් මාසයේ දී ටෝකියෝ නුවර ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබෙන අතර ඒ සඳහා ඇමෙරිකානු ඩෝලර් බිලියන 1යි දශම 2යි 5ක මුදලක් වැය වී තිබේ.

ඒ අනුව ඉදිකරන ලද මෙම ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයන් 60,000කට තරග නැරඹීමට පහසුකම ඇති බවත් දෙසැම්බර් මස 21 වැනිදා ක්‍රීඩාංගණය විවෘත කිරීමට නියමත බවත් සඳහන් වෙයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ජනපති ඉල්ලූ පිළිතුර අද සළකා බැලෙන හැටි

Shiran Viraj

කවුරු බලයට ආවත් හැදීමට නොහැකි රටක් යැයි සිතූ අයට රට හැදෙන බව දැන් පෙනෙන්නට ඇතැයි ඇමති සමන්ත විද්‍යාරත්න පවසයි

Shiran Viraj

පකිස්තානයේ තවත් ක්‍රිකට් ක්‍රීඩකයින් 7 දෙනෙකුට කොරෝනා

Shiran Viraj
Translate »