mediahumanrights.lk
News Sports Sports News

ටෝකියෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු අවසන්

2020 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන ටෝකියෝ නුවර ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් කර තිබේ.

ජපානයේ ක්‍රීඩා කවුන්සිලය ඊයේ(19) මේ බව නිවේදනය කළේය.

2020 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වෙන්නේ ජපානයේ ටෝකියෝ නුවරදීයි.

ඒ අනුව ක්‍රීඩා උළෙල 2020 වසරේ ජුලි මස 24 වැනිදා සිට අගෝස්තු මස 9 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

මෙවර ක්‍රීඩා උළෙලේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන ටෝකියෝ නුවර ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් කර ඇති බව සඳහන් වෙයි.

2016 වසරේ දෙසැම්බර් මාසයේ දී ටෝකියෝ නුවර ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබෙන අතර ඒ සඳහා ඇමෙරිකානු ඩෝලර් බිලියන 1යි දශම 2යි 5ක මුදලක් වැය වී තිබේ.

ඒ අනුව ඉදිකරන ලද මෙම ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයන් 60,000කට තරග නැරඹීමට පහසුකම ඇති බවත් දෙසැම්බර් මස 21 වැනිදා ක්‍රීඩාංගණය විවෘත කිරීමට නියමත බවත් සඳහන් වෙයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඔබත් නිතරම හිසරදයෙන් වේදනා විදින කාන්තාවක්ද? එසේ නම් එයට හේතුව මෙය විය හැකියි

Shiran Viraj

බැඳුම්කර කොමිසමෙන් හරස් ප‍්‍රශ්න අසන්නට නියෝජ්‍ය ඇමති අවසර පතයි

Shiran Viraj

විථි ලාම්පූ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හදන්න මහජන අදහස් ගැනීම 29 ආරම්භවේ

Shiran Viraj