mediahumanrights.lk
International News News

ගුවාම් දිවයිනට පහරදීමේ සැලැස්ම කිම් ජොං අන්ට

ඇමරිකානු සෙබලුන් 7000ක් ඇතුළු එක්ලක්ෂ 60,000ක් වෙසෙන පැසිෆික් සාගරයේ ඇමරිකානු ප්‍රදේශයක් වන ගුවාම් දිවයිනට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්ම උතුරු කොරියානු නායක කිම් ජොං අන් වෙත ලබාදුන් බව එරට රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කළා.
කෙසේ නමුත්, මිසයිල ප්‍රහාරය දියත් කිරීමට පෙර සිය නායකයා ඇමරිකානු ක්‍රියාමාර්ග පිළිබදව අවධානයෙන් සිටින බවයි එමගින් කියා සිටියේ.
සිය නායක කිම් ජොං අන් ගනු ලබන තීරණය අනුව මිසයිල ප්‍රහාරයක් දියත් කිරීම සඳහා හමුදා සීරුවෙන් සිටින බවත්, උතුරු කොරියානු නිළ ප්‍රවෘත්ති සේවය කියා සිටියා.
(under the courtesy of hirunews news web)

Related posts

ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් බිහි කිරීම ප්‍රධාන අරමුණයි

Shiran Viraj

පුංචි සක්විති හලාවතින් අල්ලයි

Shiran Viraj

කළුතර තත්ත්වය අන්තිමයි – පීසීආර් ප්‍රතිඵල එන්නෙ සතියකින්

Shiran Viraj