mediahumanrights.lk
Local News News

දැඩි සුළඟකින් හලාවත අලූත්වත්ත කලපුවට දැඩි හානි

දැඩි සුළඟකින් හලාවත අලූත්වත්ත කලපු ඉවුරේ ඉදිකර තිබූ ධීවර ජැටියේ වහලය සම්පූර්ණයෙන්ම ගැලවී ගොස් තිබෙනවා.
එය ජැටිය ආසන්නයේ අතුරු මාර්ගයකට හා නිවසක් මතට වැටී ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුර හේතුවෙන් නිවසට සුළු හානි සිදුව තිබෙනවා.
දුරකතන කණුවක් හා විදුලි පහන් කණුවක් ද කඩා වැටී තිබුණා.
මේ හේතුවෙන් ප්‍රදේශයේ විදුලිය සහ දුරකතන සබඳතා ද විසන්ධි වී තිබූ බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
ධීවර ප්‍රජාවගේ ඉල්ලීම මත රුපියල් ලක්ෂ 34ක් ඉදිකර මෙම ජැටිය නවීකරණය කරනු ලැබුයේ ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යංශය විසින්.
(under the courtesy of nethfm news web)

Related posts

වැටුප් නැතිව සවුදියේ සිටි කතක් දිවයිනට ගෙන්වා ගනියි

Shiran Viraj

අදානි සුලං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වෙයි.. නිල නිවේදනය මෙන්න..

Shiran Viraj

කී‍්‍රඩාංගන 02 ක පේ‍්‍රක්ෂකාගාර කි‍්‍රකට් ආයතනය හිටපු කී‍්‍රඩකයින් 05 දෙනෙකුගේ නමට ලියයි

Shiran Viraj