27.8 C
Colombo
2026-07-06
mediahumanrights.lk
Local NewsNews

සරසවි අනධ්‍යන සේවකයන්ට විසඳුම්..

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක ගැටලුව මෙම සතියේ විසඳීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

ඊට අදාළ කටයුතු මේවන විට සූදානම් කරමින් තිබේ.

මේ අතර විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් ,විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු ප්‍රාර්ශව රැසක් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

එම සාකච්ඡා යම් සාධනීය මට්ටමක පවතින බව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා පැවසීය.

තම ඉල්ලීම් සඳහා විසඳුම් ලැබෙන තුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක බව වැඩිදුරටත් පැවසීය.

Related posts

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 101ක් දක්වා ඉහළට

Shiran Viraj

ජනාධිපතිට එපා කරවලා බැසිල් ජනාධිපති වෙන්න සැලසුමක..

Shiran Viraj

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ භාණ්ඩ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස.

Shiran Viraj
Translate »