mediahumanrights.lk
International NewsNews

බ්‍රසීලයෙන් ජපානයට පැමිණි සංචාරකයින් පිරිසකගෙන් නව කොරෝනා ප්‍රභේදයක් සොයා ගැනේ

 බ්‍රසීලයේ, ඇමේසන් සිට පැමිණි සංචාරකයින් සිව්දෙනෙකුගෙන් නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් සොයා ගෙන ඇති බව ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

ජපානයේ සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කලේ මෙම බ්‍රසීල සංචාරකයින් හතර දෙනා ගෙන් සොයා ගෙන ඇති නව කොරෝනා වයිරස් ප්‍රභේදය පරිණාමය වෙමින් පවතින නව වෛරස් ප්‍රභේදයක් බවයි.

ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකු පැවසුවේ නව ප්‍රභේදයට එරෙහිව එන්නත් වල කාර්යක්ෂමතාව පිළිබඳ අධ්‍යයනයන් සිදු වෙමින් පවතින අතර එය බ්‍රිතාන්‍යයේ සහ දකුණු අප්‍රිකාවේ ප්‍රථම වරට සොයාගත් ඉහළ බෝවන ප්‍රභේදයන්ට වඩා වෙනස් වන බවයි.

“මේ වන විට බ්‍රසීලයෙන් සොයාගත් නව ප්‍රභේදය ආසාදිත බව ඉහළ මට්ටමක පවතින බවට කිසිදු සාක්ෂියක් නොමැති” බවයි ජපාන ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනයේ ප්‍රධානී තකාජි වාකිටා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ප්‍රකාශ කර සිටියේ.

ඉකුත් ජනවාරි මස 02 වෙනිදා ටෝකියෝ හි හනෙඩා ගුවන්තොටුපළට පැමිණි බ්‍රසීල සංචාරකයින් සිව් දෙනා ගෙන් හතලිස් හැවිරිදි පිරිමි පුද්ගලයෙකුට හුස්ම ගැනීමේ අපහසුතාවයකින්ද, තිස් හැවිරිදි කාන්තාවකට හිසරදය සහ උගුරේ අමාරුව සහ තවත් තරුණයෙකුට උණ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත. එම පිරිස සමග සිටි තවත් තරුණයෙකුට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකලත් ඔහුට ද වෛරසය ආසාදනය වී ඇති බවයි.

කොරෝනා වෛරස් රෝගීන්ගේ ඉහළ යාම හේතුවෙන් ජපානය ටෝකියෝව සහ අගනුවරට යාබදව පිහිටි ප්‍රාන්ත තුනකට  හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මේ වන විට ජපානයේ කොරෝනා රෝගීන් 289,000 ක් පමණ වාර්තා වී ඇති අතර මරණ 4,061 ක් සිදුව ඇති බවයි NHK මාධ්‍ය ආයතනය නිවේදනය කර සිටියේ.

Related posts

මංගල උත්සව තහනම කල් දැම්මේ හමුදාපතිගේ ඥාති දියණියකගේ විවාහ උත්සවයක් නිසාද…

Shiran Viraj

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි

Shiran Viraj

කි‍්‍රකට් නිලවරණය මැයි 19 – අර්ජුනත් සටනට

Shiran Viraj
Translate »