26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
NewsPolitical

අගමැතිවරයාගේ ලේකම්වරයෙකුටත් කොරෝනා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කරනු ලබන කුමාරසිරි හෙට්ටිගේ ද, කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේතධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටිනවා.

ඒ අනුව ඔහු පාර්ලිමේන්තුවට පැමිණ, ආපසු යන තෙක් සමීප ආශ්‍රිතයන් සී.සී.ටී.වී. දර්ශන මගින් හඳුනා ගැනීමට අවශ්‍ය පියවර ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජනවාරි මස 08 වැනිදා කුමාරසිරි හෙට්ටිගේ ලේකම්වරයා පාර්ලිමේන්තුවට  පැමිණ ඇති අතර සහානායක කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු සමීප ආශ්‍රිතයන් කිහිපදෙනකු සිටින බව හදුනාගෙන ඇත.

එම ආශ්‍රීතයින් නිරෝධායනට යොමු කිරීමට සහ PCR පරීක්ෂාවන්ට ලක් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

ලේකම්වරයා ගැවසුණු ප්‍රදේශ විශබීජානුහරණය සදහා දැනටමත් පියවර ගෙන ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතුවලට කිසිදු බාධාවක් නැති අතර රාජකාරි කටයුතු සුපුරුදු පරිදි පවත්වාගෙන යනු ලබන බවයි වේතධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු   වැඩිදුරටත් සඳහන් කලේ.

Related posts

“මහින්ද සුලඟේ” ආරම්භක සාමාජිකයෙකු වීම වරදක් නම් ජාතියෙන් සමාව ගන්න සුදානම් – අමාත්‍ය විමල් විරවංශ කියයි

Shiran Viraj

ගුරුවරියන්ගේ සාරිය ගැන අවසන් තීන්දුව මෙන්න..

Shiran Viraj

මහනුවර පලමු කොරෝනා මරණය සිදුවේ.. රෝහල්ගත කිරීමට පෙරම මිය ගිහින්..

Shiran Viraj
Translate »