2026-09-07
mediahumanrights.lk
Local NewsNewsPolitical

සමයං ගේ හැකියාව ගැන මහින්දගෙන් උපදේශයක්

පාතාල කල්ලි නායකයින්ට වුවද ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ඝාතනයට ලක් වූ සමයං නමැත්තාට වුවද පවතින තත්වය යටතේ ආණ්ඩු බලයක් පිහිටුවීමේ හැකියාවක් තිබූ බවයි.
බොරලැස්ගමුව ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
එහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ රටක සිදුවන සියලූ දෑ සම්බන්ධයෙන් පාලකයින් දැන සිටිය යුතු බවයි.  ඕනෑම සිදුවීමක් පසුදා පුවත්පතකින් දැන ගැනීම පාලකයින්ට නොගැලපෙන්නක් බවයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ.
පොලිසිය සහ සිරකඳවුරු පවතින්නේ නම් රටක් පාලනය කළ හැකි බවට බොහෝ දෙනා තුළ විශ්වාසයක් පවතිනවා. එහෙත් එහි කිසිඳු සත්‍යතාවක් නැති බවයි මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ. වත්මන් රාජ්‍ය සේවකයින් ද මේ වනවිට දැඩි ලෙස බියට පත්ව සිටින බවයි මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර සිටියේ.

Related posts

පුද්ගලික අංශයේ අවම සේවක වැටුපත් ඉහළට…

Shiran Viraj

බගවන්තලාව පොලිසියේ නිලධාරීන් අතර ගැටුමක් – කොස්තාපල්වරයෙකුට පිහි ප්‍රහාරයක්

Shiran Viraj

අලූත් ව්‍යවස්ථා මංගල සමළුවේදී චන්ද්‍රිකාට හූ තියයි… හූ තැබූ වියපත් මිනිසා තගාලා උස්සා එලියට විසි කරති..[Video]

Shiran Viraj
Translate »