29.5 C
Colombo
2026-09-22
mediahumanrights.lk
Local NewsNews

විදේශ කටයුතු අමාත්‍යංශයේ අංශයක් වැසේ

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලූ‍ම සේවාවන් අද සහ හෙට දිනවල තාවකාලිකව අත්හිටුවා ඇති බව  එම අමාත්‍යාංශය පවසනවා.

කොවිඞ්-19 වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන එම පියවර ගත් බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ. ඒ අනුව කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටා ඇති කොන්සියුලර් කටයුතු අංශය අමුත්තන් සඳහා වසා තබනු ඇති.

විදේශයන්හි ශ‍්‍රී ලාංකිකයින්ගේ මරණ පිළිබඳ විමසීම්, මරණ සම්බන්ධ ලියකියවිලි සඳහා සහය සහ අපනයන ලේඛන සහතික කිරීම සම්බන්ධ විමසීම් පමණක් කළින් වේලාව වෙන්කර ගැනීමේ පදනම මත භාරගන්නා බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.

ඒ සදහා හදිසි ඇමතුම් අංක ඔස්සේ වේලාව වෙන්කරගත හැකියි.

විදේශයන්හි සිදුවන මරණ පිළිබද 011 233 88 36 හෝ  011 233 59 42 යන දුරකතනවලට ඇමතිය යුතුයි. අපනයන ලේඛන සහතික කිරීම සදහා ඇමතිය යුත්තේ 011 233 88 12 දුරකතන අංකයට බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

අම්බලන්තොට තරුණයා මිය ගියේ පොලිස් වෙඩි පහරින්! පලා ගිය දෙදෙනාත් බාරවෙයි!

Shiran Viraj

නාවලපිටිය – ගම්පොළ මාර්ගය සතියක් තුළ විවෘත කිරීමට යුද හමුදාපතිගෙන් සහතිකයක්

Shiran Viraj

සැමියාගේ පදවලට උරේෂා ගැයූ අලුත්ම ගීය

Shiran Viraj
Translate »