mediahumanrights.lk
Local News News

ගිනි ගන්නා නෞකාවේ ඉන්ධන කාන්දුවක් නැහැ : නැව ගොඩබිමට මුහුදු සැතපුම් 22ක් ආසන්නයට

නැගෙනහිර මුහුදු වෙරළ කලාපයේදී හදිසි ගින්නක් හටගත් ඉන්ධන රැගත් MV New Diamond නෞකාව මේ වන විට ගොඩබිමට මුහුදු සැතපුම් 22ක් ආසන්නයට පැමිණ ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මෙම නෞකාව ක්‍රමක් ක්‍රමයෙන් මුහුදේ ඇති දියවැල් හේතුවෙන් දකුණු මුහුදු කලාපය දෙසට ඇදෙමින් පවතින පවතින බවත් මෙම නෞකාවෙන් මේ වන විට කිසිදු ඉන්ධන කාන්දුවීමක් සිදුවී නොමැති බවද යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ.

මේ අතර මෙම නෞකාවේ ඇතිවී තිබෙන ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානා මගින් නෞකාවට ජලය ලීටර් ලක්ෂයක් හෙලා ඇති බවත් ගුවන් මෙහෙයුම් දිගින් දිගටම සිදුකරමින් පවතින බව සඳහන් කර සිටියා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

වෛද්‍ය සභාව ගොනු කළ පෙත්සම අද විභාග වෙයි

Shiran Viraj

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානම් තත්ත්වයක් දෙසට

Shiran Viraj

මිල වැඩි කලත් තවමත් පාඩුයි…- බලශක්ති ඇමති

Shiran Viraj