24.8 C
Colombo
2026-10-07
mediahumanrights.lk
Local NewsNews

මුඛ ආවරණ නොපළඳින අයට අද සිට වැඩ වරදියි

ප‍්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ නොපළඳින පුද්ගලයින් අද (28) සිට දින 14 ක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.

බොහෝ පිරිස් ප‍්‍රසිද්ධ ස්ථානවලදී මුඛ ආවරණ නොපළඳින බවට පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇති බවයි පොලීසිය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුම් ද කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ.

ඉකුත් 26 වැනිදා බස්නාහිර පළාත් තුළ පමණක් පුද්ගලයින් 19,000 කට අධික පිරිසක් පරීක්ෂා කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ පුද්ගලයින් 6,700 කට අධික සංඛ්‍යාවක් මුඛ ආවරණ පැළඳ නොසිටි බවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද

Shiran Viraj

අද තරගයේදී කණ්ඩායම් දෙකම දැඩි පීඩනයෙන්

Shiran Viraj

රිෂාද් උක් ගොවි ගැටලුව කරට ගනී

Shiran Viraj
Translate »