28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
International NewsNews

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 100 ඉක්මවා යයි

ලොව පුරා රටවලින් වාර්තා වන නව්‍ය කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 100 ඉක්මවා තිබෙනවා. ඒ අනුව මේ වනවිට වාර්තා වී ඇති සමස්ථ නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක් කෝටි 73, 812 ක්. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් ලැයිස්තුවේ තවදුරටත් පෙරමුණේ පසුවන්නේ අමෙරිකාවයි. බ‍්‍රසීලය 02 ස්ථානයේත්, රුසියාව තෙවන ස්ථානයේත්, ඉන්දියාව සිව්වන ස්ථානයේත් පසුවනවා.

මේ වනවිට ලොව පුරා රටවලින් වාර්තා වන කොරෝනා මරණ ගණන ද පන් ලක්ෂය ඉක්මවා තිබෙන අතර එම සංඛ්‍යාව පන් ලක්ෂ 608 ක්.

කෙසේවෙතත් නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී මේ වනවිට ලොව සුවය ලබා සිටින පිරිස පනස් හතර ලක්ෂ 51, 856 ක් වනවා. ඒ අනුව තවදුරටත් ලොව පුරා රෝහල්වල ප‍්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ 41 ලක්ෂ 21, 348 ක් ලෙසයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පාර්ලිමේන්තුව විසුරුවීමෙන් මන්ත‍්‍රීන් 58කට පෙන්ෂන් නෑ. වැඩිම හානිය සමනලයන්ටයි..ලයිස්තුව මෙන්න

Shiran Viraj

ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙකුට උසස්වීම්

Shiran Viraj

රාජිතට අධි චෝදනා භාර දෙයි

Shiran Viraj
Translate »