mediahumanrights.lk
News Political

රිෂාද් උක් ගොවි ගැටලුව කරට ගනී

අම්පාර උක් ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳව තමාව කිසිඳු ආකාරයකින් දැනුවත් කර නොතිබූ නමුත් එම ගැටලු තමාගේ ගැටලුවක් ලෙස සලකා විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා ස.තො.ස. මහා ලේකම් කර්යාල පරිශ්‍රයේදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා ප්‍රමුඛ, නිලධාරී මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවකදී ය.
අම්පාර සෙවණගල, පැලවත්ත සහ හිඟුරාන උක්ගොවි ජනතාව තම ගැටලුවලට විසඳුම් ඉල්ලා දින 81 ක් උද්ඝෝෂණයේ නිරත විය. තමා මුහුණපාන ගැටලු 10 කට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා 2017 ඔක්තෝම්බර් 17 වැනි දාතමින් ගරු ජනාධිපතිතුමාට ලිපියක් යවා ඇති අතර, එහි පිටපතක් රිෂාඩ් බදියුදීන් ඇමතිතුමාට ද යොමු කළ බව සඳහන්ව තිබේ.
නමුත් මෙහිදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කර සිටියේ මේ මොහොතේ තමන් වෙත ඉදිරිපත් කළ ලිපිය හැරුණු විට කිසිදු ලිපියක් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් නොලැබුණු බවයි.
මෙහිදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට සිය ගැටලු සඳහන් ලිපිය ඉදිරිපත් කරනු ලැබීය. එහි උක්ගොවි ජනතාවගේ ඉල්ලීම් 10 ක් අඩංගු විය.
එම අවස්ථාවේ වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අදාළ ගැටලු සඳහා අවශ්‍ය පුද්ගලයන් සමග සාකච්ඡා කොට කඩිනම් විසඳුම් ලබා දෙන බව පැවසීය.තවද ඒ සම්බන්ධයෙන් අදාළ අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස්ද ලබා දුන්නේය.
ගොවීන් විසින් ඉදිරිපත් කළ ගොවි ගැටලු පහත දැක්වේ
1. උක් ටොන් 01 ක මිළ රු. 8500.00 ක් කිරීම.
2. උක් වගා කරන ඉඩමේ අයිතිය ගොවියා වෙත ලබා දීම.
3. උක් වගාව සඳහා ද පොහොර සහනාධාරය ලබා ගැනීම.
4. ආයතනය විසින් ලබා දෙන ණය පහසුකම් සඳහා අය කරන අසාධාරණ පොළිය ඉවත් කිරීම.
5. ප්‍රමිතියෙන් යුතු බීජ ලබා ගැනීම සහ ප්‍රමිතියෙන් යුතු නොවන බීජ වලින් සිදු කරන වගා හානියට, වසංගත රෝග හා බරපතල ස්වාභාවික විපත්වලදී ගොවියාට වන්දි ලබා දීම.
6. අස්වනු නෙලීමේදී සමාගමේ ප්‍රමාදය නිසා සිදුවන පාඩුවට වන්දි ලබා ගැනීම.
7. කර්මාන්ත ශාලාවේ දුමත් සමග පිටවන අපද්‍රව්‍ය නිසා සිදුවෙමින් පවතින පරිසර හා සෞඛ්‍ය ගැටළු විසඳීමට පියවර ගැනීම.
8. කර්මාන්ත ශාලාවේ සේවය කරන සියලුම සේවකයින්ට ජීවත් වීමට සරිලන වැටුපක් හා අනෙකුත් දීමනා ලබා දීම.
9. ස්ථීර නොවන සේවකයින් ස්ථීර කිරීම.
10. ගොවියා හා සමාගම අතර ද්වීපාර්ශවීය සමබර ගිවිසුමක් වහා ඇති කර ගැනීම.
(under the courtesy of adaderana.lk news web)

Related posts

නසීර් අහමඩ් පාර්ලිමේන්තුවෙන් කපාහරී.. අලුත් මන්ත‍්‍රී අලි සහීර් මවුලානා ගැසට් කරයි..

Shiran Viraj

රනිල් සමග මන්ත‍්‍රීවරුන් 60ක් එක්වෙයි..

Shiran Viraj

කැළණිතිස්ස බලාගාරය ඉන්ධන නැතිව නවතී..

Shiran Viraj