28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
NewsSportsSports News

පළමු තරගයේදීම නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය කඩා වැටේ

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය වෙලින්ග්ටන්හිදී අද (15) ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් නවසීලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදෙන්නේ ශ‍්‍රී ලංකා කණ්ඩායමයි.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම කී‍්‍රඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 73ක්.

දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 36ක් ලබා සිටි අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකූණු 30ක් රැස් කර ගෙන සිටියා.

ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ අංක තුන පිතිතකරු ලෙස පිටියට පිවිසි ධනංජය ද සිල්වා දැවී ගියේ එක් ලකුණකටයි. කුසල් මෙන්ඩිස් ලකුණු 02කට දැවී ගියා. පන්දු යැවීමේදී ටිම් සවුති ලකුණු 19කට කඩුළු 03යි.  

(under the courtesy of nethnews.lk news web)

Related posts

යුක්රේන සංචාරකයින් නිසා පොළොන්නරුවේ – සීගිරියේ සංචාරක ස්ථාන වැසෙයි

Shiran Viraj

කොමිසමට දේශපාලකයෝ ඇගිලි ගහනවා.. ස්වාධීනකම නැතිකරන්නයි හදන්නේ..- PUCSL සභාපති…

Shiran Viraj

කැලණිතිස්සටත් වඩා ලොකු බලාගාරයක් ෂැංග‍්‍රිලා හෝටලයේ.. පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල ජෙනරේටර් විදුලිය පද්ධතියට ගනී..

Shiran Viraj
Translate »