26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

යුක්රේන සංචාරකයින් නිසා පොළොන්නරුවේ – සීගිරියේ සංචාරක ස්ථාන වැසෙයි

පොළොන්නරුව සහ සීගිරිය සංචාරක කලාපයන්හි ස්ථාන කිහිපයක් අද සහ හෙට දෙදින දේශීය සංචාරකයින්ට විවෘත නොවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා.

මෙරටට පැමිණ සිටින විදේශීය සංචාරකයින් පිරිස එම ස්ථානවල සංචාරය කිරීම ඊට හේතුවයි. ඒ අනුව පොළොන්නරුව සංචාරක ව්‍යාපෘතියට අයත් පරාක‍්‍රම මාළිගා සංකීර්ණය, දළඳා මළුව, ශිව දේවාල අංක 02 යන ස්ථාන දේශීය සංචාරකයන්ට විවෘත නොවන ස්ථාන කිහිපයක්.

ආලාභ පිරිවෙන් සංකීර්ණයට අයත් රන්කොත් වෙහෙර, ලංකාතිලක වෙහෙර, කිරිවෙහෙර මෙන්ම ගල් විහාරය, තිවංක පිළිමගෙය හා නෙළුම් පොකුණ යන සංචාරක ස්ථානද අද පස්වරු 1.00න් පසු දේශීය සංචාරකයන්ට විවෘත වන්නේ නැහැ.

එමෙන්ම එම සංචාරකයන් ලබන 5 වනදා පෙරවරුවේ සීගිරිය සංචාරක කලාපය නැරඹීමට පැමිණෙන බැවින් එදින දහවල් 12.00 දක්වා එම කලාපය ද දේශීය සංචාරකයින්ට විවෘත නොවන බවයි මධ්‍යම සංස්කෘතික අරමුදල පැවසුවේ.

මෙරටට පැමිණි යුක්රේන ජාතික සංචාරකයින් පිරිසක් හේතුවෙන් යාල වනෝද්‍යානයේ සෆාරි ජීප්රථ රියදුරන් 27 දෙනෙකු දින 14 ක් නිරෝධායනයට යොමු කිරීමට ඊයේ පියවර ගැනුණා. මෙම සංචාරකයින් පිරිස යාල වනෝද්‍යානයේ සංචාරය කර තිබුණේ ඉකුත් 02 වනදා පස්වරුවේයි.

සංචාරය අවසන් කර යුක්රේන ජාතිකයින් පිටව ගිය පසු ඔවුන් රැගෙන ගිය සෆාරි ජීප්රථ රියදුරන් නිරෝධායනයට යොමු කෙරුණා. 

ඔවුන් කියා සිටියේ කිසිඳු පෙර දැනුම්දීමකින් තොරව තමන් ඇතුළු කණ්ඩායම නිරෝධායනය සඳහා රැගෙන ගිය බවයි. 

තිස්ස, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප‍්‍රභාත් ලියනාරච්චි නෙත් නිවුස් වෙත කියා සිටියේ මෙම විදේශිකයින් පිරිස යාල වනෝද්‍යානයේ සංචාරයක නිරත වන බවට කිසිඳු බලධාරියෙකු හෝ කිසිඳු ආයතනයක් හෝ තමන් දැනුවත් කර නොතිබුණු බවයි. සෆාරි ජීප්රථ රියදුරන් නිරෝධායනයට යොමු කිරීමට තමන් කටයුතු නොකළ බව ද ඔහු කියා සිටියා.

 කෙසේවෙතත්, සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි සඳහන් කළේ යුක්රේන සංචාරකයින් සමග සම්බන්ධ වන සියලූ පාර්ශව නිරෝධායනය කළ යුතු කල්තියා තීරණය කර තිබූ බවයි.

එහෙත්, සෆාරි ජීප්රථ රියදුරන් ඇතුළු පාර්ශව ඒ පිළිබඳ කල්තියා දැනුවත් නොවීම සම්බන්ධයෙන් තමන් සොයාබලන බවයි අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේ. 

මෙරට ගුවන් තොටුපළ විවෘත කරමින් සංචාරක නියමු ව්‍යාපෘතියක් ඉකුත් දෙසැම්බර් 28 වනදා ආරම්භ කළා.

එහි පළමු කණ්ඩායම ලෙස මෙරටට පැමිණියේ යුක්රේන ජාතිකයින් පිරිසක්. ඒ අතර සිටි සංචාරකයින් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මෙරටට පැමිණීමෙන් පසු සිදුකළ ඡුක්‍ඍ පරීක්ෂණවලදි තහවුරු වි තිබුණා. 

Related posts

ෂාෆ්ටර්ගේ බිරිදගේ හා මිතුරාගේ සාක්‍ෂි පරස්පරතා රැසක්.. ඝාතනයේ හෙළි නොවූ රහස්…

Shiran Viraj

ආණ්ඩුව කාගේ වුවත් මුදල් අමාත්‍යාංශ නිළධාරින් කටයුතු කරන්නේ එකම ආකාරයටයි-ඇමති බන්දුල ගුණවර්ධන මහතා

Shiran Viraj

කමිටු නිර්දේශ එයි – 20ට අලුත් ගැසට්ටුවක් නැත – සංශෝධන ලෙස පාර්ලිමේන්තුවට

Shiran Viraj
Translate »