mediahumanrights.lk
Local News News

ඩීසල් මිල අඩු කළත් බස් ගාස්තු අඩුකරන්න බැහැ

ඉන්ධන මිල ඊයේ (15) මධ්‍යම රාත‍්‍රියේ සිට අඩු කෙරුණ ද ඊට සාපේක්ෂව බස් ගාස්තු අඩු කළ නොහැකි බව පෞද්ගලික බස් හිමියන් පවසනවා. ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ වාහන අමතර කොටස්වල මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීම බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.

ඉන්ධන මිල අඩු කිරීම සැලකිල්ලට ගෙන බස් ගාස්තු අඩු කළ හැකිදැයි සාකච්ඡා කිරීමට සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ විධායක කමිටුව ද අද පෙරවරුවේ රැස් වුණා. ඔවුන් ද මෙම අවස්ථාවේ බස් ගාස්තු අඩු කළ නොහැකි බව තීරණය කළ බව ප‍්‍රධාන ලේකම් අංජන ප‍්‍රියන්ජිත් පවසනවා.

ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ඞීසල් හා පෙට‍්‍රල් මිල ලීටරයක් රුපියල් 5කින් අඩු කෙරුණා. ලංකා ඛණිජ තෙල් සංස්ථාවට අනුව තමන්ද  ඉන්ධන මිල අඩු කළ බවයි ලංකා අයි  ඕ සී සමාගම පැවසුවේ.
ඉකුත් නොවැම්බර් මස පළමු වනදා ද ඉන්ධන මිල අඩු කෙරුණු අතර එවර බස් ගාස්තු සියයට 02කින් අඩු කෙරුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ආවා කල්ලියේ හිටපු ප්‍රබලයාගේ නිවසට පෙට්‍රල් බෝම්බ ගැසූ හේතුව සැකකරුවන් හෙළිකරයි

Shiran Viraj

රාජගිරිය ගුවන්පාලම දෙසැම්බරයේදී විවෘතයි

Shiran Viraj

රජයේ ප්‍රතිචාරය ගැන පොදුජන පෙරමුණ අවධානයෙන්

Shiran Viraj