26.7 C
Colombo
2026-09-08
mediahumanrights.lk
NewsPolitical

බහුතරය තීරණය කිරීමට අද නමින් ඡන්දයක්

පාර්ලිමේන්තුවේ බහුතරය තීරණය කිරීම සඳහා අද (16) නමින් ඡන්ද විමසීමක් සිදු කෙරෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් පැවසුවේ ජනාධිපතිවරයා සමග ඊයේ එළඹි එකඟතා අනුව මෙම ඡන්ද විමසීම සිදු කෙරෙන බවයි.

පාර්ලිමේන්තුවේදී සංවරව හැසිරෙන ලෙස ජනාධිපතිවරයා සියලූ පාර්ශවවලින් ඉල්ලීමක් කළ බවද මෙහිදී සිහිපත් කෙරුණා. කිසිවෙකු හෝ කළහකාරීව හැසිරුණහොත් ඒ සම්බන්ධයෙන් තමන් පියවර ගන්නා බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළ බවයි අකිල විරාජ් කාරියවසම් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර මුලින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ පළමු වාක්‍ය ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම පිළිබඳව ද නෙත් නිවුස් මෙහිදී විමසීමක් කළා. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වී ඒ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කරන බවයි අකිල විරාජ් කාරියවසම් මන්ත‍්‍රීවරයා කියා සිටියේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

දිස්ත්‍රික්ක 19කට අද පැනවු ඇඳිරි නීතිය අප්‍රේල් 9 වන දා තෙක්

Shiran Viraj

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම ජනපති හමුවෙයි

Shiran Viraj

වැඩ වර්ජන විරෝධතා පැවැත්වීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ යුතුයි..

Shiran Viraj
Translate »