2026-08-08
mediahumanrights.lk
Local NewsNews

අලුත් අවුරුදු සමය තුළ පුද්ගලයින් 665 ප්‍රතිකාර ලබයි

අලුත් අවුරුදු සමය තුළ විවිධ අනතුරුවලට ලක් වූ පුද්ගලයින් 665 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට පැමිණ ඇති බව රෝහල් අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අනතුරුවල විශාල අඩුවක් දක්නට නොමැති බවයි .
පසුගිය 13 වනදා සිට 15 වනදා දක්වා වූ දින තුනක කාලය තුල සිදු වූ අනතුරු හේතුවෙන්  පුද්ගලයන් 261 දෙනෙකු නේවාසික ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ පසුගිය දින තුන ඇතුලත රිය අනතුරු 185ක් සිදුව ඇති බවයි.
ගෙවුණු වසරේ උත්සව සමයට සාපේක්ෂව මෙම වසරේ දී ක්‍රීඩා අනතුරුවල සහ හිංසන හේතුවෙන් සිදුවන අනතුරුවල අඩුවක් දක්නට ඇති බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.
මේ අතර අද උදෑසන අමබලන්තොට – මාමඩල ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් විදුලි කණුවක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් 56 හැවිරිදි පුද්ගලයෙක් මිය ගොස් තවත් දෙනෙකු තුවාල ලැබුවා.
මේ අතර ඊයේ රාත්‍රී ගලෙන්බිදුනුවැව කැකිරාව මාර්ගයේ 17වන සැතපුම් කනුව ආසන්නයේදී මාර්ගයට කඩා වැටි තිබුණු කෝන් ගසක යතුරු පැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.
ප්‍රදේශවාසීන් සඳහන් කළේ ඊයේ උදෑසන කෝන් ගස කඩා වැටීමෙන් පසු ඒ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළද ගස ඉවත් නොකළ බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

කටුනායක කලාපේ මහා ජන රාශියක්.. දහස් ගාණක් එකතැන පොදිකති.. බස් යොදා ගෙදර යවයි…

Shiran Viraj

මහවැලි ගගේ මල සිරුරක් පාවේ..

Shiran Viraj

ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ එක්රැස්කර ගන්න..- හමුදාපති රටටම දන්වයි..

Shiran Viraj
Translate »