32.2 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNews

මැදපෙරදිග යුද වාතාවරණය දිගුකාලීන වුවහොත් ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට යන බව මරික්කාර් පවසයි

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය දිගුකාලීනව පැවතුණහොත් ශ්‍රී ලංකාව දැඩි අර්බුදයකට මුහුණ දෙනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ රජය මෙම තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කිරීමට අපොහොසත් වුවහොත් මෙරට ආර්ථිකය දැඩි පීඩනයකට ලක්වන බවයි. ලෝක ඉන්ධන සැපයුමෙන් 20%ක් පාලනය කරන්නේ ඉරානය විසින් බැවින්, යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන මිලදී ගැනීම ශ්‍රී ලංකාව වැනි රටකට ඉදිරියේදී විශාල අභියෝගයක් වනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

වර්තමානයේ පවතින ඉන්ධන පෝලිම් සහ ජනතාව කලබලකාරී ලෙස ඉන්ධන රැස්කිරීම පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ දත්තයන්ට අනුව මේ මොහොතේ ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩක් නොමැති වුවද, රජය මෙම තත්ත්වය නිසි ලෙස පාලනය කළ යුතු බවයි. එසේම වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස ඔහු මහජනතාවගෙන් ද ඉල්ලා සිටියේය.

විදුලි බල උත්පාදනය සඳහා භාවිත කරන ගල්අඟුරුවල ගුණාත්මකභාවය පිළිබඳව ද මන්ත්‍රීවරයා මෙහිදී සිය කනස්සල්ල පළ කළේය. බාල ගුණාත්මක භාවයෙන් යුත් ගල්අඟුරු භාවිතය නිසා අවශ්‍ය ප්‍රමාණයට විදුලිය උත්පාදනය නොවන බවත්, ඒ හේතුවෙන් රජයට විදුලි කප්පාදුවකට යාමට හෝ අමතර ඉන්ධන මිලදී ගැනීමට සිදුවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.

Related posts

ඇදිරි නීතියට සූදානම් වෙති.. බාර් ඉදිරියේ දීර්ඝ පෝලිම්…

Shiran Viraj

දේශපාලඥයින් ජනතා අයිතීන් උල්ලංඝනය කරලා

Shiran Viraj

දුම්රිය ප‍්‍රමාදයට හේතුව ආර්ථික අර්බුදයයි…- සාමාන්‍යාධිකාරී

Shiran Viraj
Translate »