2026-08-04
mediahumanrights.lk
Local NewsNewsPolitical

ඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව දේවානන්ද සුර මන්ත්‍රීවරයාගෙන් අනාවරණයක්

රට තුළ ඉන්ධන හිඟයක් පවතින බව පවසමින් පටු දේශපාලන අරමුණු සහිත කණ්ඩායම් ජනතාව නොමඟ යැවීමට උත්සාහ කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුර මහතා පවසයි. විශේෂ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ඉතිහාසය පුරා ජනතාව රැවටූ බලවේග නැවත වරක් කටකතා පතුරුවමින් ජනමතය අවුල් කිරීමට කටයුතු කරන බවයි.

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා විසින් රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බව නිල වශයෙන් තහවුරු කර ඇති පසුබිමක, ඇතැම් පිරිස් දේශපාලන වාසි තකා ජනතාව පෝලිම්වලට දක්කාගෙන යන බව ඔහු අවධාරණය කළේය. දැනට දක්නට ලැබෙන පෝලිම් පවා මෙලෙස කෘතිමව නිර්මාණය කරන ලද ඒවා බව මන්ත්‍රීවරයාගේ අදහසයි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් අඛණ්ඩව ලැබෙන බැවින්, අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස මන්ත්‍රීවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. රජය මැදිහත් වී ඉන්ධන සැපයුම විධිමත්ව පවත්වාගෙන යන බව ඔහු වැඩිදුරටත් සහතික කළේය.

Related posts

අගමැති – නීතිය හා සාමය ඇමති අතර විශේෂ සාකච්ඡාවක් – ඇමති මලික් සමරවික්‍රමත් එක්වෙයි

Shiran Viraj

රටට ඉතාම බරපතලයි.. තවත් නොසගවා ජනතාව ඇත්ත කියන්න..- සෙසු පක්‍ෂ තීරණාත්මකව ජනපතිට දැනුම් දේ…

Shiran Viraj

අනුර දිසානායක පුංචි අම්මාගේ පෙට්ටගමේ තිබුනු ඩොලර් මැතිවරණට ලැබුණා කියා පිලිගත්තා..

Shiran Viraj
Translate »