mediahumanrights.lk
Local NewsNews

බඩු මිල ඉහල යාමෙන් ආණ්ඩුව ගැන ජනතා බලාපොරෝත්තු ගිලිහිලා…

77වන නිදහස සමරන මෙම අවස්ථාවේ ශ්‍රිලංකාවේ ජිවත්වන සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර්, සියළුම දෙනා එකම කොඩියක් යටතේ එකට ජිවත් වියයුතුයි කියන එකයි අපගේ එකම පැතුම බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක ‍පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.

ඔහුගේ හැටන් කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.

77වන නිදහස් දිනය වන විට මේ රටේ දුප්පත් මිනිසුන්ට නිදහස තියෙනවාද කියන එක හිතලා බලන්න ඕනි අද තියෙන තත්වය මත දුප්පත් මිනිසුන්ට  නිදහසේ කාලා බිලා ජිවත්වෙන්න ක්‍රමයක් නැහැ මොකද බඩු මිල දිනෙන් දිනම ඉහල යාමත් සමග.

එම තත්වයන් පිලිබදව මේ රජය යම් කිසි සොයා බැලිමක් කල යුතුයි මෙසේ බඩු මිල ඉහල යාම පිලිබදව අපි මේ රජයටම දොස් පවරන්නේ නැහැ නමුත් මේ රටේ ජනතාව මේ අයට ඡන්දය ලබා දුන්නේ තමන්ට යම් සහනයක් ලැබෙයි කියා එත් අද දිනෙන් දිනම බඩු මිල ඉහල යාමෙන් ජනතාවගේ එම බලාපොරෝත්තු ගිලිහිලා තියෙන්නේ.

මෙම තත්වයන් පිලිබදව මේ රජය යම් අවදානයක් යොමු කරලා ජනතාවගේ සුභ සිද්දිය උදෙසා මෙසේ දනෙන් දින ඉහල යන බඩු මිල අඩු කරලා මේ ජනතාවට යම් සහනයක් ලබා දිමට පියවර ගන්නේ නම් එය මේ දුප්පත් ජනතාවට ලබා දෙන සැබැ නිදහසක් වෙයි.

Related posts

ගෝඨාභය කියන්නේ තම මිතුරෙකුට වුවත් කඩුව ඔසවන හොද පාලකයෙක්…

Shiran Viraj

ද්විත්ව පුරවැසියන්ට මේ රටේ තීරණ ගන්න ඉඩ දෙන්න බෑ – 20 ගැන මිනිස්සු අහනකොට උත්තර නැති වෙනවා- මැදගොඩ අභයතිස්ස හිමි

Shiran Viraj

ත්‍රීරෝද රථ නියාමනයට නීති ගේන්නැයි ආණ්ඩුවට යෝජනා

Shiran Viraj
Translate »